සරැංගලය
- 2019-03-22 14:37:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රතු කහ නිල් සව් කොළයේ
රැව මවමින් බට ලීයේ
නෙක නෙක රෑ මවා තියේ
මිතුරන් කැල සරැංගලේ
වෙල් එළියේ අහස් තලේ
රුගෙන ගියෝ සරැංගලේ
අඟර දඟර අහස් තලේ
සිත පිනවයි මිතුරැ කැලේ
සතුටු සිනා මැද අපගේ
උඩ ගිය රඟ සරැංගලේ
බිම වැටිලා මිහිතලයේ
පුංචි සිතට දුකක් දැනේ
ජීවිතයේ අනියත බව
කියාදුන්න සරැංගලේ
පුංචි අපට හොඳ පාඩම්
ගෙනැත් දුන්න සරැංගලේ
පූර්ණිකා සඳමිණි
9 ශ්‍රේණිය,
හලා/සේනානායක මධ්‍ය විද්‍යාලය,
මාදම්පේ.
Reply To:
Name - Reply Comment
0 Comments