සැඳෑ යාමය
- 2019-03-08 10:40:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රක්ත වර්ණයෙන් බබළන හිරැ කුමරා බැස යන්නේ
කෙමෙන් කෙමෙන් අඳුර වැටී ගොම්මන් යාමය එන්නේ
විහඟ රංචු පේළි ගැසී කැදලි කරා පියඹන්නේ
පිපුණු කුසුම් විකසිත වී සැඳෑ යාමේ ඇරඹෙන්නේ
අහස් තලය රන් පැහැවී සැඳෑ අසිරි පෙන්වන්නේ
ශ්වේත කුසුම් මුකුලිත වී සුවඳ දසත පතුරන්නේ
හරිත වර්ණ ලතා මඩුලු අඳුරැ කඩින් නැහැවෙන්නේ
නදී තීර නිශ්චල වී සැඳෑ අසිරි විඳිමින්නේ
මහ සයුරත් නිසොල්මනේ පාළුව එහි වපුරන්නේ
වැඩ බිම් නිමවී මිනිසුන් තම නිවහන් වෙත යන්නේ
දසත පුරා අඳුර මකා විදුලි බුබුළු දල්වන්නේ
සියල්ල නිම කර මෙලෙසින් දවස නිමා වී යන්නේ
කණිෂ්ක සම්පත්
10 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති මහා විද්‍යාලය,
වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments