සුන්දර ගම්මානයක්
- 2018-06-22 18:15:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීදුම් පෙළ අතරින් හිරැ නැග හිනැහෙනවා
වක්කඩ ළඟ තිත්ත පැටවු නැටුම් නටනවා
මී මැස්සන් මල් ගොමුවල පියඹා යනවා
ගම්මානෙට සුවඳ රුගෙන මල් පිබිදෙනවා
වනන්තරේ පිසගෙන මඳ සුළඟ හමන්නේ
කඳු යායේ සමනල කැල පියා සලන්නේ
ඈත ගොයම නිලට නිලේ හැඩට පෙනෙන්නේ
අපේ ගමේ සොඳුරැ බවයි මේ දිස්වන්නේ
හිරැ බැස යන සැන්දෑවේ රතු අහස් තලේ
කුරැලු පැටවු මිහිර සදන මේ මිහි මඬලේ
වසු පැටවුන් මවු තුරැලට දිව එන වේලේ
සඳ පිබිදී අපේ ගම ම කලඑළිය කළේ
නෙත්මි දේවින්දි දිසානායක
4 ශ්‍රේණිය,
මිනු/මාරපොළ මහා විද්‍යාලය, වල්පිටමුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments