සුන්දර ගම්මානය
- 2019-09-23 16:27:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වන මල් පිපී වැට දෙවටේ ගම්මානේ
සුන්දර සිරි මැවෙයි සීතල හැන්දෑවේ
විහඟුන් සරන විට රන්පැහැ ගුවන් ගැබේ
විසිතුරැ මැවෙයි. හිරැ බැසයන නිල් අඹරේ
දියඇලි ගලයි ගල් අස්සේ ගම්මානේ
සිරි සිරි හඬ ඇසෙයි සීතළ දොළ පාරේ
පෙණ පිඬු නැගෙයි බැස යන මේ දිය පාරේ
මනමාලියක් වාගෙයි ඇය ගම්මානේ
පලතුරැ ඉදි පැණි බේරෙයි දිය අතරේ
බඹරැන් සරයි බිඟුවන් හා හොර රහසේ
වනමල් පිපී සරසයි හිස තුරැ ලියගේ
පැණි බේරෙයි මී වදවල ගිම්හානේ
සඳ පායා එන විට කළුවර අහසේ
සේපාලිකා මල් සුවඳයි ගම්මානේ
සඳකැන් පෙරෙයි තුරැ අතුරින් ගිම්හානේ
දෙව්ලොව සිරි මැවෙයි සුන්දර ගම්මානේ
ටී.එම්.ජනුදි සිහන්සා තෙන්නකෝන්
6 වැනි ශ්‍රේණිය,
දේවී බාලිකා විදුහල, කොළඹ.
Reply To:
Name - Reply Comment
0 Comments