සුන්දර පරිසරය
- 2020-01-24 14:49:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ මාමා උදෑසන ම එබී බලනවා
පරිසරය ම අවදි වෙලා හොරෙන් බලනවා
පරිසරය ම සිසිල් වෙලා ගත ම නිවෙනවා
කොළ අග වැහි බිංදු බිංදු පැද්දී යනවා
දිය දහරා සෙමෙන් සෙමෙන් කඩා හැලෙනවා
දෙව් ලොවක ම නැති අසිරිය මෙහි ම තිබෙනවා
පරිසරය ම විවිධ හඬින් ඉතිරී යනවා
පරිසරයම තව තව ලස්සන වෙනවා
රූ යාමේ බකමූණන් පියා සලනවා
රුහැයියන්ගෙ හඬ නැගුමින් කන ම පිරෙනවා
වවුල්හාමි අත්තක එල්ලී නැළවෙනවා
හඳහාමි අහසෙඉඳන් එබී බලනවා
දිනිති ඔෂාරා වාසල්සූරිය
9 ශ්‍රේණිය,
බප/ජිනරාජ බාලිකා විද්‍යාලය, ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments