සෙල්ලම් කරන්න වෙලාවක් දෙන්න
- 2019-07-19 11:10:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බිත්ති හතරට කොටුවෙලා පැය හයක් ශාස්ත්‍රයෙ හිරවෙලා
දවස තිස්සෙම වෙහෙසිලා විදු මවගෙ තුරැලේ සැඟවිලා
සිප් කිරි දියෙන් හද නහවලා ලක් මෑණි අපගේ සනසා
හදේ වෙහෙසට නැවතුමක් නැත ඔරලෝසු කටුවේ දිව ගියා
නොමඟ නොයනට සිප් සයුරෙ මාවතේ යන්න අප හට අණකළා
හෙට දිනේ ලොව කවුරැ වෙන්න ද කවුරැ කවුරැත් විමසලා
ජීවිතය හෙට ජය ලබන්නට තරගයට හද යොමු වෙලා
හීන සොයලා ඇවිද යන්නට හදේ හැඟුමන් හුරැවෙලා
සෙල්ලම් ගෙයක් නැත විදු බිමක් ඇත නැණ ගුණෙන් ඔප ගන්වලා
දඟකාරකම් නැත දස්කමක් ඇත ලොව ම වෙහෙසී සතපලා
සෙල්ලමක් නැත තරගයක් ඇත මනස් ලොව විකසිත වෙලා
ඉඩහසර දෙනු කෙළි බිමට මට හිස නමා ඉල්ලුම් කළා
කේ.වී.ඒ. යූ. සෙත්මිණි
8 ශ්‍රේණිය,
බප/මිනු/ ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments