සොඳුරු සිහිනයක්
- 2019-07-23 10:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සා පෙළ කඩඉමට මුහුණ දී
බලා සිටිමි ප්‍රතිඵල එනතුරැ
මෙය ජය ලැබුවොත්
මා සිතු සොඳුරැ සිතුවම්
සැබෑවනු ඇත
උදාවිය එම දිනය
වෙනදා මෙන් පුරැදු පරිදි ම
දිව ගියේ මා පාසල වෙත
මාගේ අදිටන සපල වී ඇත්දැයි
සියැසින් ම දැකගැනීමට ය
ළඟා වී ඇති විශිෂ්ට ප්‍රතිඵලයකට
සැමගේ සැති සතන් සතුටින් පිරැණු අතර
දෑසින් දෝර ගලන්නට විට තුටු කඳුළු
එහෙත්...
මවගේ හඬින් මා තිගැස්සී අවදි විය
එවිටයි මා හට හැඟුණේ
මා දුටුවේ සිහිනයක් බව
පියුමි තරැෂිකා
11 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය විද්‍යාලය,
වඳුරඹ.
Reply To:
Name - Reply Comment
0 Comments