හිමිදිරි අරුණැල්ල
- 2019-06-07 11:01:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිදි දෙව්දුවගෙ තුරැලෙහි වූ සකියන්නේ
නෙතු පිය විවර වෙයි එළියෙන් ළා හිරැගේ
සොම්නස් ගඟුල ගලනා තාලයෙහි අගේ
අවදිව බලනු හිමිදිරි අරැණැල්ල නගේ
සිහිලැල් පවන් ගත සිත සිඹ සනසන්නා
නිදිබර කොඳ කැකුළු පිබිදී හිනැහෙන්නා
ගුමු ගුමු නදින් සවනත පීදී එන්නා
හිමිදිරි වරැණ කවි පදයක කැටිවන්නා
මිහිලිය රඟන විට හිරැ එළියෙන් නැහැවී
විලිබර මනාලියකගෙ රැව පෙනෙයි මැවී
උපදින කවි සිතුම් අරැණැල්ලෙන් පේවී
ගළපමි ලියමි හද සතුටින් ගෙතෙන කවී
ඉඳුනිල් රසාදරී වික්‍රමරත්න
10 ශ්‍රේණිය,
කුලි/ වීරපොකුණ වි. මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments