හොඳම යෙහෙළිය
- 2020-01-06 09:45:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුකට සැපට ළඟම හිඳින
දුක හිතුණම හිත සනසන
සැබෑ යහළුකම හඳුනන
මගේ හොඳම සකිය ඔබය
සැමදා නිසි මගම යන්න
එපා කිසිදා නොමග යන්න
ඉගෙනීමෙන් පෙරට යන්න
පැවසූ සැටි මතකය මට
වැරදුණු විට දමා නොයන
නිවැරදි දේ පෙන්වා දෙන
මිතුදමෙනුත් එහාට යන
සහෝදරිය ඇයමය මට
දියුණුව දුටු විට මගේ
සුබ පැතුවා හැම දිනේ
තිබෙනා තුරැ දිවි මගේ
ඔබමයි යෙහෙළිය මගේ
සයුරි නිමේෂා සෙව්මිණි
ගා/ මිරිස්වත්ත මහා විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments