2025 මැයි මස 07 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
කෙළියට හිත දුවනවා
වෙල් එළියේ නටනවා
සරැංගලේ නැගීලා
පොළොවෙන් යමි මිදීලා
කඳු පාමුල තණ බුදිනා වසු පැටවුන් හා දෙනුන්ගේ
පසුපස්සේ දුව පනින්න මං හරි ආසයි
සමනලුන්ගෙ තටු අතරේ හැංගීලා තරැ අතරේ
රාත්‍රියට පියාඹන්න මං හරි ආසයි
ඇළේ දොළේ නටලා
මාළු පැටවු දිහා බලලා
ගඟ එගොඩට පීනන්නට
මං හරි ආසයි
සෙල්ලම් ගෙදරක් හදලා
කෝම් පිට්ටු බත් උයලා
අපෙ අම්මට බෙදා දෙන්න
මං හරි ආසයි
එස්.එම්.සවිනි කුමසාරැ
6 වැනි ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.
![]() |
diary Read more... |