බෙන්තොට ගඟ

2024 අප්‍රේල් මස 23 ප.ව. 08:10 - {{hitsCtrl.values.hits}}  

සුන්දර හිනිදුම කන්දෙන් බෙන්තොට ගඟ ඇරඹෙනවා
සැතපුම් තිස්අටක් ගොසින් මහ මුහුදට එක්වෙනවා
දෙපස සිටින අප සැමගේ වතුපිටි සරැ කර දෙනවා
කරනා කාරිය බැලුවම අප ඔබ හට ණයවෙනවා
 
ගංගාවක් කරනා කාරිය නෙත් යොමු කර බලන්න
කඳුකරයෙන් ගලා ඇවිත් කරනා දෙය ගැන සිතන්න
මනහර දිය ඇලි මවලා අපගේ සිත් පිනායන්න
සේවය නිමකර අවසන සයුර කරා පිය නගන්න
 
සංචාරක පුරවරයක් බෙන්තොට නගරයෙ තිබෙනවා
බෙන්තොට ගඟ මායිමෙන්ම එම පුරවර ඇරඹෙනවා
ජීවත්වන අප සැමගේ රුකියා පැන විසඳනවා
මේ නිසා අප බෙන්තොට ගඟ සදා මතකෙ වැජඹෙනවා
 
චතුල චමුපති
11 ශ්‍රේණිය,
මාර/පෝරඹ කනිෂ්ඨ විද්‍යාලය,
මාතර.
දින පොත