මල්වත්ත

2024 අප්‍රේල් මස 19 ප.ව. 10:23 - {{hitsCtrl.values.hits}}  

 
 
සීත සුළං අවට හමන්නේ
කන්ද උඩින් හිරැ පායන්නේ
මල් පුබුදින්නේ සුවඳ හමන්නේ
පරිසරය ම ලස්සන වෙන්නේ
 
සුන්දර වූ මේ මල් ගොමුවේ
අමුතුම සිරියකි මට හැඟුණේ
මල් පැණි බොන්නේ නැටුම් නටන්නේ
විහඟුන්ගේ ගීත ඇසෙන්නේ
 
රංචු රංචු සමනලයන් පියා සලන්නේ
මල්පොකුරට ළං වීලා මල් පැණි බොන්නේ
සියොතුන් ගේ මිහිරි ගීත රාව ඇසෙන්නේ
මල්වත්තක සුන්දර බව මට වැටහෙන්නේ
 
ලක්ෂානි සමාලි සේනාධීර
6 ශ්‍රේණිය,
ව/ම/ පොපි/ මඩිතියගොල්ල කනිෂ්ඨ විද්‍යාලය. මඩිතියගොල්ල
දින පොත