වියැකුණු වන අසිරිය

2024 මැයි මස 08 පෙ.ව. 04:05 - {{hitsCtrl.values.hits}}  

 

ගව් ගණනක් ගෙවා
ආවෙමි ඔබව සොයා
කොහිද ඒ සුන්දර වන පියස
සොයමි සැමතැන නෙත යොමා

සිහිල් පවනැල් මැදින්
සිසිල විඳි සැටි සිහිවෙයි
නැත අද ඒ විසල් තුරැලිය
සිය ගණනකට සෙවණ දුන්

සියොත් කැලගේ මියුරැ නාදය
බිඟු කැලගේ ගුමු ගුමුව නැත
ඒ වෙනුවට අද අසන්නට ඇත
යකඩයාගේ සරබරේ

සෙනුර රවිසර සෙනරත් ඈපා
9 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය,
හෝමාගම.

දින පොත