පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම්
- 2016-12-14 14:46:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විෂය බාහිර ක්‍රියාකාරකම්
අධ්‍යාපනය කොටස් දෙකකි. එකක් විධිමත් අධ්‍යාපනයයි. අනෙක අවිධිමත් අධ්‍යාපනයයි. විධිමත් අධ්‍යාපනය යනු විධිමත් ආයතන තුළින් අප ලබන අධ්‍යාපනයයි. ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පාසල්, විශ්ව විද්‍යාල් හරහා අප ලබාගන්නේ විධිමත් අධයාපයයි. අවිධිමත් අධ්‍යාපනය යනු ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්‍යාපනයයි. රූපවාහිනියෙන්, සමාජ ආශ්රයෙන්, විවිධ අත්දැකීම් වලින්, විෂයබාහිර කටයුතු වලින්, අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික තැපෑල, දුරකතන, කෙටි පණවුඩ ආදී දේ හරහා අප ලබාගන්නා දැනුම අවබෝධය අවිධිමත් අධ්‍යාපනයට අදාල වේ.
දැනුම, පෞර්ෂය, සහිත කැපීපෙනෙන සිසුවෙක් ගොඩනැගෙන්නේ මේ දෙයාකාර ක්රමයන් හරහා නිසි අධ්‍යාපනයට ලැබූවිටය. පාලස් වල විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් ආරම්භ කර තිබෙනුයේම දරැවන් සඳහා අවිධිමත් ක්‍රම යටතේ දැනුම අත්දැකීම් ලබාදී ඔවුන්ගේ අද්යාපන අවශ්‍යතාව සම්පූරණ කිරීම සඳහාය.
එසේ පාසල් පරිසරය තුළ අපට හමුවන විශය බාහිර ක්‍රියාකාරකම් සහ ඒවායින් සැලසෙන වාසි පිළිබඳවය මේ සටහන.
විෂය බාහිර ක්‍රියාකාරකම් යනු
පාසල් විෂය නිර්දේශයෙන් පරිබාහිර අද්යාපනික ක්‍රියාකාරකම් විෂයබාහිර කටයුතු වශයෙන් සරලව හැඳින්විය හැකිය.
විෂය බාහිර ක්‍රියාකාරකම්වල වැදගත්කම
විෂයබාහිර ක්‍රියාකාරකම් හරහා පාසල් විෂයට පරිබාහිරව බොහෝ ප්‍රායෝගික අත්දැකීම් ලැබේ. පාසලේදී තමා උගත්දේ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථා ලැබේ. එසේම ජීවිතය පවත්වාගැනීමට අවශ්‍ය ක්‍රියාකාරී ගත්ලක්ෂණ බොහෝමයක් පුහුණු කිරීමට විෂය බාහිර ක්‍රියාකාරකම් හේතුවේ. ඒ ඒ විෂය බාහිරි ක්‍රියාකාරකම් අනුව ලැබෙන ප්‍රයෝජණ විවිධය. ඒ පිළිබඳ පහත එක් එක් වෂය බාහිර ක්‍රියාකාරකම් යටතේ අද්‍යනය කරමු.
පරිසර නියමුවෝ
පරිසරය භූගෝලය උද්බිද විද්‍යාව, ජීව විද්‍යාව වැනි විෂයන් ගණාවක ප්‍රායෝගික අත්දැකීම් හිමිකරදෙන විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පරිසර නියමු වැඩසටහන හදුන්වාදිය හැකියි. පරිසරය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම විවිධ පරිසර මාතෘකා ඔස්සේ පැවැත්වෙන දේශන සඳහා සවන්දීමට හුරැ වීම, පරිසරය නිරීක්ෂය කිරීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවල නියැලීම මානව ක්‍රියාකාරකම් තුළින් හා ඉන් බැහැරව සිදුවන පරිසර ගැටලු හඳුනා ගැනීම වැනි අවස්ථාවන් ඒ හරහා හිමිකරදෙයි.
එහිදී රකිමු අපි පරිසරය යන තේමාව යටතේ ශ්‍රී ලංකේය පාරසරික උරැමය සුරුකීමට පියනගන පරිසර නියමුවෙකුය පරිසර ක්‍රියාකාරකම් ගණනාවක් හා සම්බන්ධ විය හැකිය. ඒවා හරහා පදක්ම් ගණනාවක් 5ක් දිනා ගත හැකිය.
පරිසර නියමු පදක්කම
එසේ ජනාධිපති පදක්කම දක්වා සම්මාන ලබාගත් දක්ෂ සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාල ප්‍රදේශයේදී ලකුණ 4ක් විශව විද්‍යාල කොමිෂන් සභාව හරහා හිමිකරගත හැකිය.
එසේම පරිසර නියමුවන් සඳහා සුවිශේෂී කඳුවරැ පැවැත්වේ. කලාපීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ජාතික වහයෙන් එසේ පැවැත්වෙන පරිසර කඳවුරැ හරහා සබෑ පරිසර හිතකාමියෙකු විමට අවශ්‍ය දැනුම සිසුන්ට ලැබේ.
බාලදක්ෂයෝ
වයස 6-25 දක්වා වයස් සීමාවන්ට යෝග්‍ය වන සේ සකසා තිබෙන බාලදක්ෂ වැඩසටහන් සෑම සිසුවෙක් සඳහාම වැදගත් ජීවිත අත්දැකීම් සමුදායක් ලබාදෙනු ලබන විෂය බාහරි ක්‍රියාකරකමකි. බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අරමුණ වන්නේ තරුණ ප්‍රජාව ශාරීරිකව, මානසිකව, බුද්ධිමය ලෙස, සාමාජීය ලෙස සහ අධ්‍යාත්මිකව නගා සිටුවීමය. වගකීම් සහගත පුරවැසියන් ලෙස ප්රදේශීයව, දේශීයව හා ජාත්‍යන්තරව හැඩගැස්වීමය. එහිදී නීති රීති වලට යටත්ව වියානුකූල ලෙස ප්‍රායෝගිකව විවිධ දේ පිළිබඳ උගෙනීමට අවස්ථාව ලැබේ.
එහිදී බාලදක්ෂයන් කුඩා කණ්ඩායම් වශයෙන් එකට එකතු වී තම තමන්ගේ අත්දැකීම්, ආගම් සහ ක්‍රියාකාරකම් බෙදාහදා ගැනීම මගින්, යහපත් පුරවැසියන් බිහි කිරීමත්, නිවරදි තීරණ ගත හැකි පුද්ගලයන් බවට පත් කරලීමත් අපේක්ෂා කෙරේ.
ප්‍රධාන අංගයක් ලෙස ආදරය බෙදාහැරීම, එළිමහන් ක්‍රියාකාරකම් කිරීම සැලකිය හැකිය. ප්‍රධාන ක්‍රියාකාරකම් අතර කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රිඩා, පාගමන් සහ ක්‍රීඩා සමන්ව්ත වේ. කදවුරු බැදීම කාණ්ඩ වශයෙන් බොහෝවිට සංවිධානය වුවද සමාසික හා ජම්බෝරි ලෙසද සංවිධනය කෙරේ.
කදවුරු බැදීම වසරකට කිහිප වතාවක් සති අන්තයේදී ප්‍රාදේශීය කාණ්ඩ හෝ කලාපීය කාණ්ඩ කිහිපයක් එකට එකතු වී පවත්වනු ලබයි. මේවා සදහා ආවේනික තේමාවන් සාමාන්‍යයෙන් පවතී. ලෝක බාලදක්ෂ සාකච්ඡා සභාව ආරම්භයේ දී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් වෙනුවෙන් ආරම්භ වුවද ප්‍රධානතම ඉලක්කගත ප්‍රජාව වූයේ බාලදක්ෂ නායකවරුන්ය.
ජම්බෝරි යනු දේශීය හෝ විදේශීය බාලදක්ෂයන් විශාල සංඛ්‍යාවක් එකතුව සෑම වසර 4කට වරක් සතියක් හෝ දෙකක් පුරා එකට එකතුව කදවුරු බැදීමයි. මෙවැනි උත්සව වලදී එහි යොදා ගන්නා තේමාවට අනුකූලව නොයෙකුත් ක්‍රියාකාරකම් රාශියක් බාලදක්ෂයින් අතර පවත්වයි.
බාලද්ක්ෂයන්ගේ සහ බාලදක්ෂිකාවන්ගේ එලිමහන් ක්‍රියාකාරකම් ලෙස කදවුරු බැදීම, පාගමන්, යාත්‍රා කිරීම් හෝ තම කණ්ඩායම සමඟ වෙනත් චාරිකාවක යෙදීම යාත්‍රා කිරීම, කදු නැගීම, මාළු බෑම වැනි ක්‍රියාකාරකම් පැවැත්වේ.
එසේම විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන කණ්ඩායම් සමග සම්බන්ධ වී සාමය වෙනුවෙන්, සමාජ සුබසාධන කටයුතුවෙනුවෙන්ද බාලදක්ෂයන්ට සහභාගී විය හැකිය.
පාසල් සංගම් සහ සංවිධාන
පාසල් පද්ධතිය තුළ සාහිත්‍ය, මාධ්‍ය, ක්‍රීඩා ආදී විවිධ සංගම් පවතී. ඒවා හරහා විවිධ වැඩසටහන්, වැඩමුළු, සංවාද, සාකච්ඡා පවත්වනු ලැබේ. විවිධ ක්‍රියාකාරකම් උත්සව සංවිධානය කරනු ලැබේ. එවන් කටයුතු සඳහා සහභාගීවිමෙන්. කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම් ලබාගත හැකිය. සංවිධානාත්මක හැකියා වර්ධනය කරගත හැක.
ක්‍රීඩා
විෂය බාහිර ක්‍රියාකාරකම් අතර ක්‍රීඩා සුවිශේෂී වේ. ක්‍රීඩා හරහා කායික මානසික සුවතාව වර්ධනය වේ. එසේම ජය පරාජයට මුහුණදීමේ ශක්තිය වර්ධය කරයි. කණ්ඩයම් හැගීම පිළිබඳ අත්දැකීම ලබාදෙනු ලබයි. ක්‍රීඩා ජයග්‍රහණය හරහා අන්තර්ජාතික තරලයට පැමිණිය හැකිය. ක්‍රීඩා සහතික, සම්මාන, පදක්කම් දිනා ගත හැකිය. එවන් ක්‍රීඩා ඇගයීම් විශ්විද්‍යාල ප්‍රවේශය වැනි දේ සඳහා සේම අනාගතයේ රුකියාසඳහා ඉල්ලුම් කිරීමේදීද ඉතා වැදගත්වේ.
විවෘත්ත වැඩමුළු සහ තරඟ සඳහා සහභාගි වීම
පාසල් සිසුන් සඳහා අයදුම් කළ හැකි විවිධ සාහිත්‍ය තරඟ, මාද්‍ය වැඩමුළු ආදී වැඩසටහන් බොහෝ සංවිධානය වේ. පාසල් කටයුතු වෙනුවෙන් වැඩිකාලයක් වෙන් කිරීම සඳහා බොහෝවිට සිසුන් එවන් තරඟ සඳහා සහභාගි වන්නේ නැත. එනමුත් එවන් තරඟ වැඩමුළු හරහා තම දක්ෂතා වර්ධනය කරගනිමින් කැපී පෙනීමට අවස්ථාව සැලසේ. එසේ ජයග්‍රහණ ලබන සිසිසුන් සඳහා සුවිශේෂී ශිෂ්‍යත්ව, අද්යාපනික සංචාර පවා හිමිවේ.
කුඩා මිතුරි
කුඩා මිතුරි කණ්ඩායමක සාමාජිකාවක් වීමෙන් ඔබට කුඩා වයසේ සිටම ගැහැණු ළමයෙක් ලෙස තමාගේ වගකීම තමාම දරා ගැනීමට පුහුණුව ලැබෙයි. එදිනෙදා වැඩ කටයුතු තමා තනිව කරගැනීම පිළිබඳ අත්දැකීම් ලැබෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments