Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔබේ පාසලටත් මාධ්‍ය සමාජයක්

aaaa fddd

  1. පසුබිම

අද අප ජීවත් වන්නේ මාධ්‍ය ලෝකයක් තුළ ය. සන්නිවේදනය හා මාධ්‍ය ක්‍රියාකාරකම් සුලභ කරන්නා වූ හා පහු කරන්නා වූ විවිධ නවීන මෙවලම් වේගයෙන් සමාජය තුළට ගලා ගෙන එයි. එය නැවැත්වීමට අප කිසිවකුටත් නොහැකි ය. එහෙත් මෙම නව සන්නිවේදනය හා මාධ්‍ය පරිසරය මගින් අප සියල්ලන්ට ඇති වන බලපෑම සුළුකොට තැකිය යුතු නොවේ. ඉතා ම සරල ලෙස කිවහොත් අප සියල්ලන්ගේ ම එදිනෙදා ජීවිතය පමණක් නොව හැම විනාඩියක් ම පවා නව සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය විසින් හසුරැවන ලබන තත්ත්වයකට අපි පත් ව සිටිමු. මෙම නවීනකරණයන් අපට අභියෝගයක් ලෙස සලකන්නේ නම් එයට මුහුණ දෙන්නේ කෙසේ ද ? නව මාධ්‍ය මෙවලම් නිර්මාණයක කිරීමට සීමා පැනවීමට සමාජයකට නොහැකි ය. මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් නිසා මාධ්‍ය පරිසරය කෙරෙහි අනවශ්‍ය බලපෑම් ඇති කරන්නට රජයකට ද නොහැකි ය. මාධ්‍ය ආයතනය කටයුතු කරන්නේ ව්‍යාපාරික සාධක මත බැවින් ඔවුන් යමක් තීරණය කරන්නේ ලාභය හා ඉපැයීම් පදනම් කර ගෙන ය. එබැවින් මාධ්‍ය කර්මාන්තය සමාජය වෙනවෙන් තීරණ ගන්නා පාර්ශවයක් බවට පත් නොවේ. මේ සියලු අභියෝගයන් මැද මාධ්‍ය ග්‍රාහකයන් වූ ඔබට කළ හැකිකේ කුමක් ද ?

  • මාධ්‍ය සංස්කෘතියේ යථා ස්වභාවය හඳුනා ගැනීම.
  • මාධ්‍ය සංදේශයන් නිසි පරිදි අර්ථ කථනය කර ගැනීම
  • වගකීමකින් යුතු ව මාධ්‍ය පරිහරණය කිරීම
  • මානව හිතවාදී දෘෂ්ඨියකින් යුතු ව මාධ්‍ය සංදේශ නිර්මාණයට දායක වීම.

ඒ සියල්ල ඔබට කළ හැක්කේ ඔබගේ සන්නිවේදන නිපුණතා මානව හිතවාදීව හා ඵලදායී ලෙස සංවර්ධනය කර ගැනීමෙනි. ඒ සඳහා හොඳ ම ආරම්භක ස්ථානය කුමක් ද ? එය පාසලයි. ඒ සඳහා යෝග්‍ය හොඳ ම සංවිධානය පාසල් මාධ්‍ය සමාජයයි. ඔබගේ පාසලේ ද මාධ්‍ය සමාජයක් පිහිටුවා ගත යුත්තේ එබැවිනි.

  1. පාසල් මාධ්‍ය සමාජයේ ආදර්ශ පාඨය :

මානව හිතවාදී හා ඵලදායී පාසල් සන්නිවේදන මාධ්‍ය සංස්කෘතියක් කරා..

  1. පරමාර්ථය :

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ මානව හිතවාදී හා ඵලදායී සන්නිවේදන මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැංවීම.

  1. අරමුණ :

පාසල් ප්‍රජාව තුළ,

  • සන්නිවේදන හා මාධ්‍ය නිපුණතා සංවර්ධනය හා ප්‍රවර්ධනය
  • සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ විචාරශීලී චින්තනය පෝෂණය කිරීම.
  • සන්නිවේදන හා මාධ්‍ය නිපුණතා සංවර්ධන කර ගැනීමට අවශ්‍ය අධ්‍යාපන හා පුහුණු අවකාශ සැලසීම.
  • තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය වගකීමකින් යුතුව පරිහරණය කිරීමේ සංස්කෘතියක් ගොඩනැංවීම.
  • සන්නිවේදන හා මාධ්‍ය නිපුණතා ඇගැයුමට ලක් කිරීම.
  • ප්‍රබල හා ධනාත්මක සන්නිවේදන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම ගොඩ නැංගවීම.
  • සන්නිවේදන මාද්‍ය නිපුණතා පාදක කර ගත් අනාගත වෘතිතිය අවකාශ සඳහා නැඹුරැවක් ඇති කිරීම.

 

  1. ඔබේ පාසලේත් මාධ්‍ය සමාජයක් පිහිටුවා ගන්නේ කෙසේ ද ?

 

  • සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳව හැකියාවක් හෝ අනන්දුවක් ඇති ගුරු මව්වරුන් හෝ පියවරැන් සමග සාකච්ඡා කරන්න. ඔවුන් සමග ගොස් විදුහල්පතිතුමා /තුමිය සමග සාකච්ඡා කරන්න. අවශ්‍ය අනුමැතිය ලබා ගන්න.
  • සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ හැකියාවක් හෝ උනන්දුවක් ඇති ඉහළ පන්තිවල සිසු සිසුවියන් පිරිසක් හඳුනාගෙන ඔවුන් රුස් කර මේ පිළිබඳව සාකච්ඡා කරන්න.
  • මාධ්‍ය සමාජය පිහිටුවීමේ අරමුණ ඇතිව ගුරැ - සිසු සාකච්ඡා අවම වශයෙන් දෙකක්වත් පවත්වන්න. මාධ්‍ය සමාජය පිහිටුවීම පිළිබඳ තොරතුර පාසල තුළ ප්‍රචාරය කරන්න. එයට බැඳීමට කැමති සිසුනට සාකච්ඡාවලට සහභාගී වීමට අවකාශය සලසන්න.
  • මූලික සාකච්ඡා වට දෙකකින් පසු නිලධාරී මණ්ඩලය තෝරා ගෙන මාද්‍ය සමාජය නිල වශයෙන් පිහිටුවන්න.
  • ඉදිරි වර්ෂයක කාලය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්නට නිලධාරී මණ්ඩලය කටයුතු කළ යුතු අතර, ප්‍රථම මහ සභා රුස්වීමට එම ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්න. මෙම සැලැස්මේ පිටපතක් පාසලේ ප්‍රධාන කාර්යාලයේ හෝ එවැනි ස්ථානයක ප්‍රදර්ශනය කිරීම යෝග්‍ය ය.
  • පාසලේ මාධ්‍ය සමාජයක් පිහිටුවා ගැනීම හා එහි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ විස්තර මාධ්‍ය ආයතන වෙත දන්වා යවන්න.

 

  1. පාසල් මාධ්‍ය සමාජයක සංවිධාන සටහන :

බාහිර කමිටුවඅභ්‍යන්තර කමිටුව

නිලධාරී මණ්ඩලය

සභාපති - නියෝජ්‍ය සභාපතිවරු

ලේකම් - නියෝජ්‍ය ලේකම්වරු

භාණ්ඩාගාරික - නියෝජ්‍ය භාණ්ඩාගාරිකවරු

ප්‍රධාන සංවිධායක

ව්‍යාපෘති සංවිධායකවරු - ව්‍යාපෘති උප සංවිධායකවරු

  1. පර්යේෂණ හා ගවේෂණ ව්‍යාපෘතිය
  2. කුසලතා සංවර්ධන ව්‍යාපෘතිය
  3. රස වින්දන ව්‍යාපෘතිය
  4. නිර්මාණාත්මක ව්‍යාපෘතිය
  5. ප්‍රජා සන්නිවේදන ව්‍යාපෘතිය
  6. ආපදා හා අනතුරු සන්නිවේදන ව්‍යාපෘතිය
  7. සාම සන්නිවේදන ව්‍යාපෘතිය
  • පාසල් මාධ්‍ය සමාජයේ අභ්‍යන්තර කමිටුව :

මෙය විදුහල්පතිතුමා / තුමියගේ ප්‍රධානත්වයෙන් යුක්ත වන අතර, ගරැ භවතුන්ගෙන් සමන්විත වේ. මාධ්‍ය සමාජයේ උත්තරීතර මණ්ඩලය ලෙස මෙය සැලකේ. මාධ්‍ය සමාජය කරනු ලබන කුමන හෝ ක්‍රියාකාරකමක් මෙම කමිටුවෙන් විධිමත්ව ලබා ගත් ලිඛිත අනුමැතිය ඇතිව කළ යුතු ය.

  • පාසල් මාධ්‍ය සමාජයේ බාහිර කමිටුව :

මෙය සමන්විත වන්නේ පාසලට සම්බන්ද හෝ සම්බන්ද කර ගත හැකි බාහිර පුද්ගලයන් හා අයතනනවල නියෝජතයන්ගෙනි. උදාහරණ වශයේන ආදි සිසුවියන්, කලාකරුවන්. ලේඛකයන්, මාධ්‍ය වේදීන්, ප්‍රවෘත්ති වාර්තාකරැවන්, රජයේ හෝ වෙනත් පිළිගත් ආයතනවල ප්‍රධානීන්, නම් කරන ලද වෙනත් සුභපතන්නන් ආදීහු මෙයට අයත් වේ. බාහිර කමිටුවට ඇතුළත් කර ගන්නා අයගේ නාම ලේඛනයක්, ඔවුන්ගේ ලිපිනයන් හා වෙනත් අදාළ විස්තර සහිතව සකස් කර අභ්‍යන්තර කමිටුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත ුතු ය. දෙවැනුව පාසලේ බාහිර කමිටුව වෙත ඒ ඒ අය ඇතුළත් කර ගැනමට මාධ්‍ය සමාජය විසින් තීරණය කර ඇති බව ඒ ඒ අය වෙත ලිඛිතව දන්වා යවන්න. මාධ්‍ය සමාජයේ ඒ ඒ ක්‍රියාකාරකම් සම්බන්දයෙන් ද මේ ආකාරයේන බාහිර කමිටුව වෙත දන්වා යැවීම යෝග්‍ය ය.

  1. පර්යේෂණ හා ගවේෂණ ව්‍යාපෘතිය :

මෙයින් අදහස් වන්නේ සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ සරල හා මූලික පර්යේෂණ හා ගවේෂණ පැවැත්වීමයි. මේවා සැලසුම් කළ යුත්තේ කෙටි කාලයකින් නිම කරන්නට ය. අධ්‍යයන වාර්තාව පාසල තුළ ප්‍රසිද්ධ කළ යුතු ය.

  1. කුසලතා සංවර්ධන ව්‍යාපෘතිය :

පාසලේ දරැවන්ගේ සන්නිවේදන මාධ්‍ය හැකියා සංවර්දනය කිරීමේ අරමුණ ඇතිව විවිධ පුහුණු වැඩසටහන් පැවැත්වීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කළ හැකි ය. මේ සඳහා ගත කරන කාලය පැය එකක සිට සති කිහිපයක් දක්වා වෙනස් විය හැකි ය. පුහුණු වැඩ සටහන සාර්ථක ව නිම කිරීම වෙනුවෙන් සහතිකයක් ලබා දිය හැකි ය.

උදාහරණ :

  • කාටුන් ඇඳීම පිළිබඳ පුහුණු වැඩසටහනක්
  • නිවේදන ශිල්පය පිළිබඳ පුහුණු වැඩ සටහනක්
  • නිශ්චල ඡායාරූප ශිල්පය පිළිබඳ පුහුණු වැඩසටහනක්
  • ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක්
  • කාව්‍ය නිර්මාණය පිළිබඳ පුහුණු වැඩසටහනක්
  1. නිර්මාණාත්මක ව්‍යාපෘතිය :

පාසලේ සිසු දරු දැරියන්ගේ විවිද නිර්මාණාත්මක හැකියා එළි දැක්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙය ඒක පුද්ගල සමූහ ලෙස ක්‍රියාත්මක කළ හැකි ය.

උදාහරණ :

  • කවි පොතක් එළි දැක්වීම
  • සංගීත ප්‍රසංගයක් පැවැත්වීම
  • නාට්‍යයක් රඟ දැක්වීම
  • සඟරාවක් ප්‍රකාශයට පත් කිරීම
  • ගුවන් විදුලි නාට්‍යයක් පටි/තැටිගත කර එළිදැක්වීම.
  1. රස වින්දන ව්‍යාපෘතිය :

මෙහි දී සිදු වන්නේ සිසු දරු දැරියන්ගේ රස වින්දන ශක්තිය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව විවිධ රස වින්දන වැඩ සටහන් කෙටි කාලීන වශයෙන් පාසල තුළ ඉදිරිපත් කිරීමයි. මෙ සඳහා පාසලින් බැහැර සම්පත් යොදා ගත හැකි ය.

උදාහරණ :

  • පුස්තකාලයේ ඇති පොතක් තෝරා ගෙන රස විඳීම.
  • තෝර ාගත් ගීතයක් රස විඳීම
  • ගුවන් විදුලි නාට්‍යයක් රස විඳීම
  • රෑපවාහිනී නාට්‍ය ඇහැයුමට ලක් කිරීම
  • ටෙලි නාට්‍යයක් රස විඳීම.
  1. ප්‍රජා සන්නිවේදන ව්‍යාපෘතිය :

පාසල් ප්‍රජාවගේ චර්යාවන් වඩාත් යහපත් තත්ත්වයට ගෙන ඒම සඳහා සන්නිවේදන මාධ්‍ය භාවිතයට ගැනීමට මෙහි දී අදහස් කෙරේ. මෙය කළ යුත්තේ මූලික අද්‍යයනයකින් පසු කළ යුතු වෙනස්කම හඳුනා ගැනීමෙන් පසුව ය.

උදාහරණ :

  • පාසලේ තැන තැන කෙළ ගැසීම නැවැත්වීම
  • පාසලේ තැන තැන අපවිත්‍ර දේ දැමීම නැවැත්වීම
  • පාසල තුළ ගමන් කිරීම සඳහා නිසි මාර්ග සංඥා හා සලකුණු දැක්වීම.
  • පාසලට යෝග්‍ය ලෙස හිස පීරීම හා පාවහන් ඇතුලු වෙනත් දෑ පැළඳීම විධිමත් කිරීම.
  1. ආපදා හා අනතුරැ සන්නිවේදන ව්‍යාපෘතිය :

පාසල තුළ දී මෙන් ම පිටත දී ද ගෘහයේ දී ද අනතුරු වළකා ගැනීම හා ආපදාවලට මුහුණු දීමට අදාළ නිපුණතා පාසල් දරු දැරියන් තුළ සංවර්ධනය කිරීම හා ඒ සඳහා සන්නිවේදනාත්මක ලෙස මග පෙන්වීම මෙහි දී සිදු කෙරේ.

උදාහරණ :

  • පාසලේ අනතුරැ සහිත ස්ථානවල ඒ පිළිබඳ දැන්වීම ්හෝ සලකුණු සවි කිරීම.
  • සිදුවිය හැකි විවිධ ආපදා පිළිබ ඳව පාසල් සිසුන් තුළ දැනුමවත් බවක් ඇති කිරීම.
  • මහා මාර්ග භාවිතයේ දී අනතුරැ වළක්වා ගැනීමේ ක්‍රම විධි හඳුන්වා දීම.
  • සතුන්ගෙන් සිදුවිය හැකි අනතුරැ පිළිබඳව කියා දීම.
  1. සාම සන්නිවේදන ව්‍යාපෘතිය :

තමා තුළ ද ගෘහස්ථව ද, සමාජීව වශයෙන් ද ජෘතීන් අතර ද සාමය ඇති කිරීම ස ඳහා විවිධ ආකාරයේන සන්නිවේදන ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘතිය යටතේ සිදු කළ හැකි ය.

උදාහරණ :

  • සිත එකඟ කර ගැනීමේ භාවනා වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම.
  • පොලීසිය සමග එක්ව සාමය ආරක්ෂා කිරීමේ නෛතික වගකීම පිළිබඳ දැනුම්වත් කිරීම.
  • බෞද්ධ, ඉස්ලාම්, හින්දා හා ක්‍රිස්තියානි ආගමික දිනයන්හි පාසල තුළ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පාසල ආසන්නයේ ඇතංි විවිද ආගමික ස්ථානවල කටයුතුවලට සාමූහිකව සහයෝගය දැක්වීඹ
  • පාසල ආසන්නයේ ඇති වෙනත් ජාතීන් සිටින පාසල් සමග හුවමාරැ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

විශේෂයෙන් සැලකිය යුතු කරැණු.

  1. පාසල් මාධ්‍ය සමාජයක් යටතේ විවිද ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කළ හැකි ය. එය තීරණය වන්නේ පාසලේ මාධ්‍ය සමාජයේ ක්‍රියාකාරී සැල්ස්ම අනුව ය.
  2. ඒ ඒ ව්‍යාපෘති සඳහා ස්ථිර සාමාජික සංඛ්‍යාවක් බඳවා ගන්නට හැකි ය. ඒ අනුව එම සාමාජික සාමාජිකාවන් වසින් ඉදිරිපත් කරන විවිධ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කළ හැකි ය.
  3. ව්‍යාපෘතිය යටතේ විවිධ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමේ වගකීම ව්‍යාපෘතිය සංවිධායකට පැවරේ. තමන්ගේ ව්‍යාපෘතිය මගින් වර්ෂයක් තුළ අවම වශයෙන් ප්‍රධාන ක්‍රියාකාරකම් නවයක් ක්‍රියාත්මක කළ හැකි නම් එය සාර්ථක මට්ටමකි.
  4.  යම් කාර්යයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ විට එම සාමාජික සාමාජිකාවන් විසින් ඒ ස ඳහා වූ යෝජනා පත්‍රයක් නිසි පරිදි ලිඛිතව සකස් කර මාධ්‍ය සමාජය මගින් විදුහල්පතිතුමා /තුමිය වෙත ඉදිරිපත් කර ලිඛිත ව අනුමැතිය ලබා ගත යුතු ය.
  5. මාධ්‍ය සමාජයේ සෑම කාර්යයක් ම එක් සටහන් පොතක නිසි පරිදි ලේඛන ගත කළ යුතු ය.
  6. මාධ්‍ය සමාජය යටතේ ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක වන බැවින් ඒ ඒ වෘපෘතිය භාරව ගුරැ භවතුන් එක් අයකු හෝ කිහිප දෙනෙකු යෙදවිය හැකි අතර, ඒ මගින් එහි ක්‍රියාකාරීත්වය ඉහළ නැංවිය හැකිය.
  7. සෑම පාසල් මාධ්‍ය සමාජයක් විසින් ම වර්ෂය තුළ පාසල් මාධ්‍ය දිනයක් පැවැත්විය යුතු ය.
  8. පාසල් මාධ්‍ය සමාජ වැඩ සටහන සැලසුම් කර ක්‍රියාතම්ක කරනු ලබන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතිය විසිනි. ඒ පිළිබඳ විමසීම් මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප්‍රධානී, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම යන ලිපිනයට යවන්න.
  9. පාසල් මාධ්‍ය සමාජ වැඩ සටහනේ නිල මුද්‍රිත මාධ්‍ය ලෙස විජය (සිංහල) ළමා පුවත්පත හා විජායි (දෙමළ) ළමා පුවත්පත කටයුතු කරයි. එබැවින් පාසල් මාධ්‍ය සමාජයේ විවිධ ක්‍රියාකාරක්ම පිළිබඳ ප්‍රවෘත්ති පහත සඳහන් ලිපිනයට දන්වා යවන්න.

කර්තෘ, විජය ළමා පුවත්පත, විජය පුවත්පත් සමාගම, 08, හුණුපිටිය හරස් පාර කොළඹ 02.

 

6332751700_81f0e71d82_zජාතික අධ්‍යාපන ආයතනයේ පාසල් මාධ්‍ය ව්‍යාපෘතිය විසින් නිර්දේශීත පාසල් මාධ්‍ය සමාජ නිල ලාංඡනය- මෙය පාසලට ගැලපෙන වර්ණයක් භාවිත කිරීමට අවකාශ සලසා ඇත.

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.