කනිෂ්ඨ ජාතික ෆෙන්සින් තරගාවලිය බාලක ශූරතාවය - කොළඹ රාජකීය විදුහලට බාලිකා ශූරතාව - කුණ්ඩසාලේ මහවත්ත ම
- 2022-08-23 20:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කනිෂ්ඨ ජාතික ෆෙන්සින් තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සමත් විය. එහි බාලිකා ශූරතාවය හිමිකර ගැනීමට මහනුවර කුණ්ඩසාලේ මහවත්ත මහා විද්‍යාල කණ්ඩායම් පසුගියදා සමත් විය.
පස්වැනි වරට පැවති මෙම තරගාවලිය පුරා දින දෙකක් මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී තරග ඉසව් වයස අවුරැදු 15න් පහළ, 17න් පහළ හා 20 න් පහළ ලෙස පැවතුණි.
තරගාවලියේ බාලක අංශයේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සමත්විය. එහි අනුශූරතාවය මහනුවර කුණ්ඩසාලේ මහවත්ත මහා විද්‍යාලය විසින් හිමිකරගන්නා ලදී.
බාලිකා අංශයේ ශූරතාවය මහනුවර මහවත්ත මහා විද්‍යාලය හිමිකරගත් අතර, බාලිකා අනුශූරතාව හිමිකර ගනු ලැබුවේ කුලියාපිටිය සාරනාත් විද්‍යාලය විසිනි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ මෙතුල් කහඳුගොඩ හා කුණ්ඩසාලේ පිලවල ජාතික පාසලේ එම්.ජී. ආර්.ප්‍රාර්ථනා සේනාධීර පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා ෆෙන්සින් සංගමයේ ලේකම් අජිත් සියඹලාපිටිය, පාසල් ෆෙන්සින් සංගමයේ ලේකම් අනුර තෙන්නකෝන් , ජාතික ෆෙන්සින් පුහුණුකරැ ආසිරි විජේසිංහ, ජාතික ෆෙන්සින් සංගමයේ උප සභාපති ශිවන්ති ද සිල්වා යන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය පැවැත් විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස මේජර් ජෙනරාල් සමන් ද සිල්වා, මේජර් ජෙනරාල් කල්ප සංජීව, මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පි.බී.පුංචිබණ්ඩා යන මහත්වරැ සහ වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්.ටී.එන්.ගුණරත්න මහත්මිය අතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් එක්වූහ.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments