Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩා නේවාසිකාගාරය සිසු අයිතියට පත් කෙරේ.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩා නේවාසිකාගාරය සිසු අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (21) සිදුවිය.

එහිදී අදහස් දක්වමින් පළත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට ක්‍රීඩාවෙන් විශාල පිටුවහලක් ලැබෙන බවත්, සමබර පෞරුෂයක් නිර්මාණයට එය ඉතා වැදගත් අංගයක් බවත් පවතින තරගකාරී සමාජ වටපිටාව තුළ අධ්‍යාපනය ද ක්‍රීඩාවද එයට නතුවී ඇති බවත් පැවසිය.

දරුවන්හට නිදහස් පරිසරයක් තුළ පීඩනයෙන් තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාකිරීම කාලින අවශ්‍යතාවයක් වන බවද ඒ මහතා කීය. අතිරේක පන්තිවල අධ්‍යාපනය ලැබීම අද විලාසිතාවක් බවට පත් වී ඇති බවත් , උසස් පෙළ විභාගයට පෙනී සිටින මධ්‍යම පළාතේ පාසල් අයදුම්කරුවන් සියලුදෙනාට සියයට අසූවක පාසල් පැමිණීම අනිවාර්යය බව ද පැවසිය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසලට පැමිණීමේ සියයට අසූවේ නීතිය ලිහිල් වූවත් ඉදිරි කාලයන් වලදී සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගයට යොමුවන කාල සීමාව තුළදී පාසල් පැමිණීමේ නීතිය අනිවාර්යය කරන බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ අතර, පාසල් ගුරුවරුන්ට සිය පංති කාමරයේ ශිෂ්‍යයන් සඳහා බාහිර පංති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ පැනවූ නීතිය මේ වන විට සබරගමුව හා දකුණු පළාත්වලත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ජාතික වශයෙන් රටතුලම ක්‍රියාත්මක වීමෙන් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකතාවය තහවුරු කල හැකි වනු ඇති බවත් එම මහතා සදහන් කර සිටියේය.

මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, විදුහල්පති ඒ.ආර්.ඒ.රණසිංහ, යන මහත්ම මහත්මීන් ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ,ක්‍රීඩා සංගමයේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගී විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.