ඉරවල් දෙකක් වටා කැරගෙන ග්‍රහයෙක් සොයා ගනී
- 2016-06-15 11:05:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත විශාලතම ග්‍රහයා සොයාගැනීමට හැකි වූ බවත් එය සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති.
මෙම අලුත් ලෝකය බ්රහස්පති ග්‍රහයාට සමාන විශාලත්වයකින් යුත් බව සදහන් වේ. එමෙන්ම පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,700 ක දුරින් පිහිට ඇත. නාසා ආයතනය සහ සැන් ඩියාගෝ හි රාජ්ය විශ්ව විද්‍යාලය එක්ව කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
"ප්ලැනට් හන්ටින්ග්" කෙප්ලර් දුරේක්ෂය භාවිතා කරගනිමින් එම සොයාගැනීම සිදු කර තිබෙන බව ඔවුහු පවසති. සැන් ඩියාගෝහි ඇමරිකා තාරකා විද්යා සංගමයේ මාධ්‍ය හමුවකදී මෙම නව සොයා ගැනීම ප්රකාශයට පත් කරන ලදී.
එම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නේ වාසයට සුදුසු කලාපයක් තුළ වුවද එය ඉතා විශාල ග්‍රහ ලෝකයක් හේතුවෙන් ජ්වින් අපේක්ෂා කළ නොහැකි බව ඔවුහු පවසති. සූර්යයන් යුගලයක් වටේ ගමන් කරන ග්‍රහ ලෝක "ස්ටාර් වෝස් " චිත්‍රපටයෙන් පසු 'ටැටුයින්' යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබීය.
විද්යාඥයන් පළමු ටැටුයින් ග්‍රහයා සොයා ගනු ලබන්නේ 2011 වසරේදීය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 200ක් දුරින් සෙනසුරු ග්‍රහයාගේ විශාලත්වයට සමාන ග්‍රහයෙක් එලෙස සොයා ගැනිණි. ප්‍රධාන වශයෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට සමාන ග්‍රහ ලෝක සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක ගවේශනය කිරීම 2009 දී කෙප්ලර් දුරේක්ෂ භාවිතයෙන් ආරම්භ කරන ලදී.(, නිලූක සඳුන් බණ්ඩාරනායක-ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments