Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙන ‘අට්ටයා‘ නොහොත් මුහුදු කූඩැල්ලන්ගේ ගුණාත්මකභාව ඉහළ නංවන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයෙන් පර්යේෂණ ආරම්භ කර තිබේ. 

වයඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල ද සහයෝගයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චාමරී දිසානායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරෙ.

 ‘තම්බා වියළා ගත් මුහුදු කූඩැල්ලන්ගේ විශාලත්වය සහ ගුණාත්මකභාවය මත විදේශ වෙළෙඳපොළ ඉල්ලූම රඳා පවතිනවා. මුහුදු කූඩැල්ලන්ගේ ගුණාත්මකභාවය රඳා පවතින්නේ ඔවුන් පිළියෙළ කර ගැනීමට අප විසින් භාවිත කරනු ලබන ක‍්‍රමවේදය අනුවයි. දැනට අප විසින් භාවිත කරනු ලබන්නේ මීට ශත වර්ෂ ගණනකට පෙර චීනය විසින් අප රටට හඳුන්වාදුන් සාම්ප‍්‍රදායක ක‍්‍රමවේදයි. මේ නිසා අපේ නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොළෙහි ලැබෙන ලංසුව සාපේක්‍ෂව අඩු මට්ටමක පවතිනවා. පසු අස්වනු හානිය මෙන්ම පෝෂණ පදාර්ථ හානිවීමට මෙම සාම්ප‍්‍රදායක ක‍්‍රම හේතු වන බවට අපට අනාවරණය වුණා. මෙම දුර්වලතා මඟ හැර ගැනීම සඳහා අපි මෙම පර්යේෂණය ඇරැඹුවා‘

ඉදිරියේදී මුහුදු කූඩැල්ලන් වර්ග නිවැරැදිව හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව ක්ෂේත‍්‍රයේ නිලධාරීන් උදෙසා ප‍්‍රායෝගික වැඩමුළුවක්ද ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා’යැයි දිසානායක මBoiled-and-dried-sea-cucumbers Chamari Processed-sea-cucumbers Processed-sea-cucumbers-3 Processing-of-sea-cucumbers Sea-cucumber-catches-1 Sea-cucumber-catches-2හත්මිය පැවැසුවාය. (ගයාන් සූරියආරච්චි)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.