2024 ඔක්තෝබර් මස 13 පෙ.ව. 03:41 - {{hitsCtrl.values.hits}}
සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානිකරන රෝගී වෛරසයක් ව්‍යාප්තවෙමින් පවතින බව ඇමෙරිකාව කළ අධ්‍යයනයකින් පළමුවරට හඳුනාගෙන තිබේ.
Tick-borne encephalitis virus ලෙස මෙම රෝගය හඳුන්වා දී ඇත.
එංගලන්තයේ තෙට්ෆෝර්ට් වනය සහ හැම්ප්ෂයර් ප්‍රදේශයේ කිනිතුල්ලන්ගෙන් මෙම රෝගය ව්‍යාප්තව ඇති බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය පවසයි. මේ වනවිට මෙම රෝගය යුරෝපය, ස්කැන්ඩිනැවියාව සහ ආසියාවටද බලපෑම් කරමින් තිබේ.
පළමුව උණ රෝගයක් සෑදී පසුව මොළයට සහ ස්නායු පද්ධතියට හානි කරවන රෝගයක් වන මෙය මොළය ඉඳිමීමෙන් ඇතිවන රෝගයක් ලෙස හැඳින්වේ. කෙසේවුවත් මිනිසාට සිදුව ඇති හානිය තවමත් අවම මට්ටමේ ඇති බවත්, ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වාර්තා වේ.
ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ කිනිතුල්ලන් සහිත පෙදෙස් වන අතර, ඔවුන් සාමාන්‍ය තත්වයක් බවද, මුවන්ගේ වර්ධනය හේතුවෙන් කිනිතුල්ලන්ගේ වර්ධනයක් දැක ගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මුවන්, බළලුන්, බල්ලන්ගේ සිරුරුවල සිටින කිනිතුල්ලන් කඳුකර පෙදෙස්වල සරණ මිනිසුන්ගේ ශරීරයේ රැඳී, සැඟව සිටිමින් සපාකන අතර මේ නිසා ආසාත්මිකතා මෙන්ම රෝග ද සෑදෙන බව තහවුරු කරගෙන ඇත. විශේෂඥයින් පවසන්නේ, මෙම කිනිතුල්ලන් සංචාරක කුරුල්ලන්ගෙන් බෝවන්නට ඇති බවයි. කෙසේවුවත් කිනිතුල්ලෙක් කෑ පමණින් අසනීප වන්නේ යැයිද බිය නොවන ලෙස ඔවුහු පවසති.
කිනිතුල්ලන් සපාකෑම අවමකරගැනීම සඳහා සම ආවරණය කරගන්නැයිද, සපාකෑවිට එම ස්ථානය හොඳින් සෝදා හරින්නැයිද, කිනිතුල්ලන් සපාකෑම නිසා ඇති වූ බව සිතිය හැකි රතු ලප, සෑදුණු උණ රෝග, පසුගිය මාසයක පමණ කාලයක් තුළ දැකිය හැකි වූයේ නම් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්නැයිද වෛද්‍යවරු පවසති.
(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |