පොල් කුඩු හා ඇල්ගී වලින් ඩීසල්

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:05 - {{hitsCtrl.values.hits}}  

(බිබිසී සන්දේශය)

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුමක් වශයෙන් ඉවත ලන පොල් කුඩු හා ඇල් ගී යොදා ගෙන ඩීසල් නිපදවීමේ ක්‍රමයක් සොයා ගත් බව රුහුණු විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් පවසයි. ජීව ඩීසල් හෙවත් බයෝ ඩීසල් නිෂ්පාදනය කිරීම පිළිබඳව 2008 දී ආරම්භ කරන ලද පර්යේෂණයකදී එම සොයා ගැනීම කළ බවයි, මාපලාන කෘෂි විද්‍යා පීඨයේ කෘෂි ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී චින්තා රූපසිංහ බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කර තිබේ.

මෙම ක්‍රමය මගින් පොල් තෙල් සහ වැට එඬරු භාවිතා කර මේ වනවිට බයෝ ඩීසල් නිෂ්පාදනය කර තිබෙන බවත් ඇය සඳහන් කර ඇත.

ආහාර සඳහා යොදා ගත හැකි කිසිම ප්‍රභවයක් ජීව ඉන්ධන සඳහා භාවිත කළ නොහැකි බැවින් ඉවත ලන පොල් කුඩු වැනි අමුද්‍රව්‍ය මේ සඳහා යොදාගත් බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී චින්තා රූපසිංහ සඳහන්කරයි.

විවිධ ප්‍රදේශවලින් රැගෙන පැමිණි ඇල් ගී විශේෂයන් විශ්ව විද්‍යාල‍යේ වගා කරමින් මේ පර්යේෂණ සිදු කර තිබෙන අතර මෙම බයෝ ඩීසල් සාමාන්‍ය ඩිසල්වලට සමානකමක් දක්වන බවත් ඇය පවසන්නීය.

මේ ආකාරයෙන් ජීව ඉන්ධන නිෂ්පාදනය කිරීම මගින් විකල්ප බලශක්තියක් ලෙසින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි පර්යේෂිකාව විශ්වාසය පළ කරයි.

_92403076_-18

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...