128 වැනි ජන්මෝත්සවය සමරණ මෙරට අධ්‍යාපනයේ විශිෂ්ටයා පී ද ඇස් කුලරත්න
- 2021-04-07 15:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පතාක යෝධයකු වූ ද ගැමි දරුදැරියන්ගේ පාසල් අධ්‍යාපනය ඉහළට වර්ධනය කීරීමේ කාර්යයේ නියමුවෙකු ද වූ පී ද ඇස් කුලරත්න මහතාගේ අගනා සේවය අගය කිරීම අප සැමගේ පරම යුතුකමක් වේ.
වර්ෂ 1893 මාර්තු 31 වනදා අම්බලන්ගොඩ විලේගොඩ ගමේදී පැට්‍රික් ද සිල්වා කුලරත්න නමින් උපත ලද මෙතුමා අම්බලන්ගොඩ බෞද්ධ ඉංගී‍්‍රසි පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගාල්ල රිචමන්ඞ් හා කොළඹ වෙස්ලි යන විදුහල් වලින් ද උසස් ලෙස තම අධ්‍යාපනය සපුරා ගත්තේය. පසුව එංගලන්තයට ගොස් බී.ඒ උපාධිය බීඑස්සී උපාධිය හා එල්. එල්. බී නීති උපාධිය යන උපාධි කිහිපයක්ම හදාරා යළි මෙරටට පැමිණියේ විශිෂ්ට විද්වතෙකු ලෙසිනි.
වර්ෂ 1918 දී කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ලෙස වැඩ භාර ගෙන වසර ගණනාවක් පුරාවට එහි දීප්තිය වර්ධනය කළේය. බටහිර අධ්‍යාපනික වටපිටාව තූළ මෙරට දේශිය අධ්‍යාපනය රැක ගැනීමටත් එහි දියුණුව උදෙසාත් එතුමාගෙත් සිදුවූ සේවය ඉමහත් යග ආනන්ද විදුහලේ ගොඩනැගිලි ඇතූලු භෞතික සම්පත් මෙන්ම එහි අධ්‍යාපනික උන්නතිය සඳහා ද විශාල කැප කිරීමක් සිදු කළේය. රටේ දුර බැහැර ප්‍රදේශවල ඉගෙන ගන්නා දක්ෂ දරුවන් ආනන්ද විදුහලට ගෙන්වා ගැනීමට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දී එහි අධ්‍යාපනික මට්ටම ඉහළ නැංවීයග 1932 සිට 1936 දක්වා මහනුවර ධරමරාජ විදුහලේ විදුහල්පතිවරයා ලෙසින් ද අනගි සේවාවක් ඉටු කොට යළිත් ආනන්ද විදුහලටම පැමිණි කුලරත්න මැතිතුමා වර්ෂ 1943 දක්වා පුරා විසිපස් වසරක විද්‍යලාධිපති සේවාවක් සනිටුහන් කළේය.
කුලරත්නයන් විසින් 1925 දී ආනන්ද විදුහල් පරිශ්‍රයටම අයත්වූ භුමි භාගයක කොළඹ නාලන්දා විදුහල ආරම්භ කළ අතර සිංහල බෞද්ධ පාසල් බිහි කිරීමේ ජාතික අභිලාෂය ඉන් වඩ වඩාත් මල්පල ගැන්විණි. පන්නිපිටියේ ධර්මපාල විදුහල කොළඹ ආනන්ද බාලිකා විදුහල ල පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල වැනි අධ්‍යාපන ආයතන දළු ලා වැඩෙන්න ඒ අනුව ය. එතමාගේ අත ගත් හිල්ඩා මියුරියෙල් කුලරත්න මැතිණිය ද මෙම කර්තව්‍යයනට ඉමහත් ශක්තියක් සැපයීය. කුරුණෑගල මලියදේව බාලිකා විදුහල හා මහනුවර මහමායා බාලිකා විදුහල් වෙත ද ලැබුණු ඔවුන්ගේ දායකත්වය සුවිශාලය.
1942 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෙරී පත් වූ මෙතුමා ඉන් මෙරට රාජ්‍ය සේවය වඩ වඩාත් ශක්තිමත් කිරීමට ද අවස්ථාව උදා කර ගත්තේය අවුරුදු 83ක් ආයු වළඳා 1976 නොවැම්බර් 16 දා මෙලොවින් සමුගත්තේය. අධ්‍යාපනය වෙනුවෙන් කළ එතුමාගේ උත්කෘෂ්ඨ සේවය ලක් දනන්ගේ සිත් තුළ අමරණීය වේ.
- නිශාන්ත චාමින්ද පීරිස්
Reply To:
Name - Reply Comment
0 Comments