Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

කොලොම්තොටින් දකුණුලකට සේන්දු වෙන බැතිමතකුට ජනප්‍රවාද හඹා යන ඓතිහාසික ගමන්මග තුළ මොරවක් කෝරළ ප්‍රදේශයකට අයත් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ සැතපුම් 10ක් පමණ නුදුරින් මෙම රජමහා විහාර භූමිය හමුවනු ඇත.මුලටියන රක්ෂිතයට අයත් අක්කර 25ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් තුළ ව්‍යාප්ත වී ඇති මෙම විහාර භූමිය වටා ශ්‍රී ලංකාවටම ආවේණික විවිධ තුරුලතාවන් සහ වනසිව්පාවුන් ග්‍රහණයට පවතී.බුදුන් වහන්සේගේ පාපහස ලද ශ්‍රී පාදස්ථානයේ පිහිටා ඇති සීත ගගුලේ ආභාශය ලබමින් එළමල්දෙණි විහාරයේ පුංචි සීත ගගුල නමින් ජල දහරාවක් ගලා යයි.ගම්වැසියන් විශ්වාසකරන ආකාරයට මෙම විහාරයට පැමිණෙන බැතිමතුන්ගේ වෙහෙස නිවාගැනීමට පමණක් නොව සිරිතක් ලෙස පුදබිමට පිවිසීමට පෙර මුව දෝවා ගැනීම තුළින් අපල උපද්‍රව දුරු වෙනවා යැයි විශ්වාසයක් පවතී. එසේම පුරාතන ගල්වඩුවාගෙ විශ්ව ආභාශය පිළිඹිබු වෙන පියගැට පෙළ ආධාරයෙන් කදු මුදුනට ගමන් කරන අතරවාරයේදී විශාල ගල් ලෙනක් හමුවේ.එම ගල් මුදුනෙහි වූ නෙලුම්පෙති හැඩැති කටාරමක් ඔස්සේ ගලා එන ජල දහරින් ලෙන ආරාක්ශා කරනු ලැබේ.එම ලෙන තුළ 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ඉතාමත් උත්කෘෂ්ට ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ප්‍රධාන ලෙනට බස්නාහිර දෙසින් ගලින් නිමවන ලද දිය පොකුණක් දැකිය හැකි අතර එහි සුවිශේෂීත්වය වනුයේ ගල් පර්වතය තුලින් බිදුවෙන් බිදුව වෑස්සෙන දිය දහර කෙතරම් වැසි ඇද හැලුනද  ප්රයමාණය ඉක්මවා උතුරා නොයන්නා සේම,දැඩි නියගයකදී වුවද නොසිදේ.

ඓතිහාසික පසුබිම    
මෙම විහාර භූමිය වටා ජනප්ර වාද රාශියක් ගෙතී ඇත.ශ්රි  බුද්ධ වර්ශ 415 හෝ  ක්රිණස්තුවර්ශ  137, දී පමණ සද්ධාතිස්ස රජු විසින් මෙම පින් බිම  ගොඩනගා ඇති බැව් ගම්වැසියෝ පවසති.කෙසේවෙතත් රජු විසින් මෙම පින් බිම ඉදිකරාවුවද, ‍රජු දීර්ඝ කලක් මෙහි වාසය කොට නැති බව ද ජනප්රිවාදයේ සදහන් වෙයි.ඊට හේතු පාදක වී ඇත්තේ සද්ධාතිස්ස රජුගේ කාලයේදි මෙහි ජීවත් වූ  වැද්දකු විසින් රජු ඉදිරියේ පවසන ලද වදනක් යැයි ජනප්රඇවාදයේ  පවතින මතයක් ද වෙයි.මෙම වැද්දා විසින් රජුට පවසා ඇත්තේ මෙම ස්ථානයට වඩා තවත් අලංකාර ස්ථානයක් මෙම කිට්ටුව පවතින බවයි.ඒ අනුව රජු විසින් එහි ගොස් ඇති අතර, එම ස්ථානය වර්තමානයේ මුල්කිරිගල නමින් හැදින්වේ.
ඉහතදි සදහන් කළ පරිදි එළමල්දෙණිය විහාර පින් බිමේ   ලෙන් විහාරයක් දැකගත හැකිය.එම ලෙන් විහාරයේ ඉහළ පියස්සේ අනුරාධපුර යුගයට අයත්  මල් වියනක් සිතුවම් කර ඇත.එම සිතුවම් අනුරාධපුර යුගයට අයත් යැයි සඳහන් වෙතත් ලංකාවේ සිතුවම් පිළිබඳ කරන ලද ගවේෂණවල දී එය මහනුවර යුගයේ දී යළි ප්‍රතිසංස්කරණය වී ඇති බැව් සදහන් වෙයි.


"එළමල්දෙණිය"යන නම පිළිබඳවද  ජනප්ර වාදයේ අපූරු කතාවක්  පවතී.එනම්,සද්ධාතිස්ස රජ දවස මෙහි භාවනා යෝගී ව සිටි උපාසිකාවක විසින් මෙහි දිනපතා වතාවත් සිදුකොට තිබේ.කලකට ඉහත වගුරු බිමක් ව පැවැති මෙහි විශේෂිත මල් වර්ගයක් ව්‍යාප්ත වී තිබූ අතර  මෙම උපාසිකාව  විසින් එම මල් බුදුන් වහන්සේ උදෙසා පුජා කරනු ලැබූ මොහොතක සද්ධාතිස්ස රජු ඇගෙන් මෙම මල් වර්ගයේ නම කුමක් දැයි විමසා තිබේ. ඇය එහි නම නොදන්නා බව රජුට සැලකර සිටි අතර රජු විසින් සුදු මල් විශේෂයක් නිසා එළමල් යැයි සඳහන් කොට තිබේ.ඒ අනුව එළමල්දෙණිය ලෙස ජනප්රිවාදයේ අද දක්වා මෙය පැවත එන කතා පුවතකි.මීට අමතරව මෙම ගම්මානයේ සුදු පැහැති එළ මල් රාශියක් දැකගත හැකි වූ නිසා "එළමල්දෙණිය" යන නම සෑදී ඇති බවද ජනප්එ‍රවාදයේ  තවත් අපූරු කතාවකි.
රජ්ජුරු බණ්ඩාර දෙවියන් පිළිබඳ ඇති විශ්වාසය ද මෙම පින් බිම ඇසුරෙහි දක්නට හැකිය.කෝට්ටේ යුගයේ විසු හයවන පරාක්ර මබාහු රජුගේ මුණුපුරෙකු යැයි සැලකෙන රජ්ජුරු බණ්ඩාර පසු කාලීනව දේව ආත්මයක් ලබා මිනිසුන්ට ආශිර්වාද කළ බැව් මිනිසුන් අතර එකල පටන් අද දක්වා පැවතෙන විශ්වාසයකි.එහෙයින් රජ්ජුරු බණඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා පැමිණෙන බොහෝ දෙනකු ද එළමල්දෙණිය විහාර පින් බිම වැඳපුදා ගැනීම ද සිරිතක් කොට පැමිණේ.විහාර මළුවේ වැඩ සිටින   චෛත්යදය රාජයාණන්ගේ කොත් වහන්සේ ඝන වනාන්තරය අතරින් ඉහළට එසවී විරාජමානව වැඩ සිටියි.
වසර දහස් ගණනක් ඉපැරණි ඓතිහාසික උරුමයේ අභිමානය උසුලමින් නිසොල්මනේ වැඩ සිටින මෙම විහාර භූමිය අනාගත බොදු පරපුරට පිදෙන අගනා තිළිනයකි
I.V.N.E.කෞශල්‍යා
නැගෙනහිර විශ්ව විද්‍යාලය, 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.