Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

නාගරික ලෝකයේ, කාර්යබහුල මාර්ග පද්ධති ඔස්සේ සතුන්ට ගමන්කළ හැකි ආකාරයේ සත්ව පාලම් රැසක් නිර්මාණය කිරීමට ලොව පුරා රටවල් කටයුතු කරමින් සිටී. වනාන්තර, තැනිතලා, කඳුකර පෙදෙස් අතරින් දිව යන මාර්ග පද්ධති හේතුවෙන්, මාර්ගය මතට පැමිණෙන වනසත්තු රථවල හැපී තුවාලවීම, මියයාම සිදුවේ.

මේ සත්ව පාලම් මගින් ආරක්ෂිතව මාර්ගය හරහා ඔවුන්ට යා හැකිය.සත්ව පාලම් නිර්මාණය පිළිබඳ අදහස යුරෝපයේ පහළ වෙමින් පැවතියේ අද ඊයේක නොව, 1950 වසරේ පමණ සිටය. ලොව පළමු සත්ව පාලම ඉදිකරන ලද්දේ එම වසරේදී ප්‍රංශයෙහිය.  වසර 30කට පමණ පෙර සිට කැනඩාව සහ ඇමරිකාව ඒ සම්බන්ධයෙන් උනන්දු වෙමින් කටයුතු කරමින් සිටියේය.මේවනවිට ඕස්ට්‍රේලියාව, යුරෝපය, ජපානය, අප්‍රිකාව,  නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, නවසීලන්තය, සිංගප්පූරුව, කෙන්යාව, බ්‍රසීලය, ෆින්ලන්තය, ඔස්ට්‍රියාව, බෙල්ජියම වැනි රටවල සත්ව පාලම් නිර්මාණය කර තිබේ.


මෙම සත්ව පාලම් එකම ආකෘතිය නොදරයි. ඇතැම් පාලම් අධිවේගී මාර්ගවලට ඉහළින් පිහිටන ලෙස සකසා ඇති අතර, ඇතැම් ඒවා මාර්ගවලට යටින් උමං මාර්ගයක් හෝ බිම් ගෙයක් ලෙස සකසා තිබේ. අලියන් වැනි විශාල සතුන්ට මෙකී උමං මාර්ග වඩාත් සුදුසු වේ. වඳුරන්, කුරුල්ලන් වැනි අතුමතින් යන සත්වයන්ට යා හැකි ලෙස දැල් ආකාරයට මාර්ගය හරහා උඩින් එලන ලද ලණු සහිත කුඩා පාලම් ද වෙයි.

ඌටාහි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව  කළ ගණන්බැලීම්වලට අනුව, එම ප්‍රදේශයේ මාර්ගවලදී වාහන සහ සතුන් ගැටුණු අවස්ථා 106කින් මුවන් 98දෙනෙකු, මුගටියන් තිදෙනෙකු, රැකූන් සතුන් දෙදෙනකු මිය ගොස් ඇත. ඇමරිකාවේ වඳවී යන සහ තර්ජනයට ලක්වූ සතුන් වර්ග 21දෙනෙකු පමණ මාර්ග අනතුරු හේතුවෙන් මියයන බව වාර්තා වී තිබේ. වාහන සහ සත්වයන් අතර වන ගැටීම් සහ අවහිරතා, මෙම සත්ව පාලම් හේතුවෙන් 90%කින් පමණ වැළැකී ඇති බව පවසන බලධාරීහු මෙය අතිශය සාර්ථක තත්වයක් බව පෙන්වා දෙති.

ස්වීඩනයේ අධිවේගී මාර්ග අප්‍රේල් මාසය වනවිට කාර්යබහුල වන්නට ගනී. පිනිමුවෝ 100බැගින් කුඩා කණ්ඩායම් ගැසී බටහිර කඳුකරය වෙත අධිවේගී මාර්ගය ඔස්සේ මාර්ගය අනෙක් පසට ඇවිද යති. මාර්ග කෙතරම් වාහනවලින් පිරී යන්නේද යත්, බලධාරීන් නොපැමිණියේ නම්, පිනිමුවන් බේරාගැනීමට රථ එහා මෙහා ධාවනය කිරීමේදී, රියදුරන් අනතුරුවලට මුහුණ දෙන අතර දීර්ඝ රථ වාහන තදබද ද ඇතිවේ. 

ස්වීඩනයේ වෙසෙන පිනිමුවෝ 250,000ක් පමණ වනාන්තරවල ලැව්ගිනිවලින් ද, වැස්සෙන් ද, හිම තට්ටු මත ඇවිදිමින් සීතලෙන් ද හෙම්බත්ව සිටිති. එබැවින්  අසීරු කාලගුණික තත්වවලදී, එම බිම් කොටස පසුකර ආහාර සහ ජෛව විවිධත්ව සහිත පහසු භූගෝලීය පෙදෙස් වෙත සංචරණ සඳහා මේ සත්ව පාලම් පිනිමුවන්ට අමතර පහසුවක් වෙයි.

මේවනවිටත් විවිධ රටවල් සත්ව පාලම් ඉදිකර ඇත. ඒ අනුව, මෙක්සිකෝවේ ජගුවර් සතුන්ට ද, ඇමසන් වනන්තරය ආශ්‍රිතව ඇති පෙරුවියන් කලාපයේ ඉත්තෑවන්, වඳුරන්, කිංකාජු නම් (මුගටියන් වැනි) සත්වයන් ද, ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන් මිලියන ගණනක් ද මේ පාලම් මතින් මාර්ගයේ එක් පසෙක සිට අනෙක් පසට ගමන් කරන බව  ඡායාරූපවල දැක්වේ.

දකුණු කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා කඳුවල වෙසෙන කඳුකර සිංහයන්ගේ ගහනය අඩුවෙමින් ඇති බැවින්, ඔවුන්ගේ උපත් වර්ධනයට ඉඩසලස්වමින් ඔවුන් සුරක්ෂිත කිරීම සඳහා ද එරට බලධාරීන් මේ වනවිට ලොස්ඇන්ජලීස් නුවර අධිවේගී මාර්ගයට ඉහළින් සත්ව පාලමක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. එය ලෝකයේ විශාලතම සත්ව පාලම වනු ඇත. මේ වනවිට බ්‍රිතාන්‍යය  පුරා සත්ව පාලම් ඉදිකිරීම් වේගවත් කර ඇත.   

මාර්ගවල වාහනවලට හසුවී සෑම වසරකදී ම මියයන බිලියනක තරම් සතුන්ගේ ජීවිත සත්ව පාලම් හේතුවෙන් ආරක්ෂා වන බව වනජීවී නිලධාරීහු පෙන්වාදෙති. මේ සත්ව පාලම් දෙවනි වනාන්තරයක් ලෙසද,  හරිත පාලම් ලෙසින් ද ඇතැම්හු සලකති.

සත්ව පාලම් නිර්මාණය පිළිබඳ අදහස යුරෝපයේ පහළ වෙමින් පැවතියේ අද ඊයේක නොව, 1950 වසරේ පමණ සිටය. ලොව පළමු සත්ව පාලම ඉදිකරන ලද්දේ එම වසරේදී ප්‍රංශයෙහිය.  වසර 30කට පමණ පෙර සිට කැනඩාව සහ ඇමරිකාව ඒ සම්බන්ධයෙන් උනන්දු වෙමින් කටයුතු කරමින් සිටියේය.මේවනවිට ඕස්ට්‍රේලියාව, යුරෝපය, ජපානය, අප්‍රිකාව,  නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, නවසීලන්තය, සිංගප්පූරුව, කෙන්යාව, බ්‍රසීලය, ෆින්ලන්තය, ඔස්ට්‍රියාව, බෙල්ජියම වැනි රටවල සත්ව පාලම් නිර්මාණය කර තිබේ.

ඩිල්ශානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.