ඉතා ඉක්මනින් තේ දළු නෙලීමට නව යන්ත්‍රයක් නිපදවූ ලක්ෂිත
- 2019-12-06 21:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පැයක් ඇතුළත තේ දළු කිලෝ දොළහක් කැඩීමට හැකි යන්ත්‍රයක් දාහතර හැවිරිදි සිසුවකු වනඩබ්ලිව්. පී. සචිත් ලක්ෂිත විසින් නිර්මාණය කර තිබේ. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිස්වත්තේ පදිංචි ඔහු නව නිපැයුම් තරගයෙන් පලාත් හා සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇති අතර ඔහු මේ වන විට තායිලන්තයේ පැවැත්වෙන නව නිපැයුම් තරගය සඳහා මෙම දළු නෙළන යන්ත්‍රය ඉදිරිපත් කොට තිබේ.
ලක්ෂිත සිය නිර්මාණය පිළිබඳ මෙසේ පැවසීය.
අපේ ප්‍රදේශයේ විශාල වශයෙන් තේ වගාව තමයි තියෙන්නේ ඒ නිසා දළු නෙළීම සඳහා විශාල වශයෙන් ශම ඉල්ලුමක් තිබෙනවා.. මට අපේ ගේ ළග නැන්ද කෙනෙක් දවසක් මේ වගේ දළු කපන්න හැකි යන්ත්‍රයන් පෙන්නුවා ඒකෙන් පොඩි දළුත් කැපෙන නිසා පොඩි අසාර්ථකත්වයක් මම දැක්කා. මට හිතුණා ඒ අඩු පාඩුව නැති යන්ත්‍රයක් හදන්න ඕන කියලා.. ඒ අනුව මම මේක හැදුවා මගේ යාළුවෝ කිහිප දෙනෙක් වන උළිඳුයි උපේක්ෂයි මහකුමාරයි මට හුඟාක් උදව් කළා.
මගේ තාත්තා ඩබ්ලිව්. පී. අජිත් සහ අම්මා ආර්. පී. ප්‍රියන්ති යන දෙන්නගේමත් ගුරුවරියන් වශයෙන් අධ්‍යාපනය හදාරන මගේ සහෝදරිය රශ්මි අංජලිකත් මාව මේ නිර්මාණය කරන්න දිරිමත් කළා. මම මේ වන විට තායිලන්තයේ පැවැත්වෙන නව නිර්මාණ තරගයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. එ වගේම මේ සඳහා පේටන්ට් බලපත්‍රය ගන්න කටයුතු කරනවා.
ඒ වාගේම පාසලේ අධ්‍යාපන කටයතු සියල්ලම හොඳින් කරන ගමන් ඉදිරියේදී තව නිර්මාණ රැසක් සිදු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
Reply To:
Name - Reply Comment
0 Comments