Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

නූතන වෛද්‍ය ප්‍රතිකාරවලදී නිතර කියවෙන නමක් නම් ‘'පෙනිසිලින්' ය. එය ලෝකයට සොයා ගත් පළමුවැනි ප්‍රතිජීවක ඖෂධයයි. විවිධ අසාත්මිකතා ඇති කරන බැක්ටීරියාවලට එරෙහිව සටන් කරන පෙනිසිලින් වෛද්‍ය ප්‍රතිකාරවලදී නැතිවම බැරි ඖෂධයකි. 

ප්‍රතිජීවක යන යෙදුම භාවිත වන්නේ Anti-biotics යන ඉංග්‍රීසි යෙදුමටය. බැක්ටීරියාවලට එරෙහි වන නමුත් ප්‍රතිජීවක වෛරස, දිලීර හෝ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතික්‍රියා දක්වයි.  ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතුය.

ප්‍රතිජීවක වැඩිවීම

දින පහක් පමණ ගත යුතු ප්‍රතිජීවක ඖෂධ ඊට වැඩි දින ගණනක් ගතහොත් ප්‍රතිජීවකවලට විරුද්ධව ක්‍රියා කරන බැක්ටීරියා ප්‍රමාණය වැඩි වේ. එයින් අනපේක්ෂිත අතුරු ප්‍රතිඵල ඇති විය හැකියි.

 ප්‍රතිජීවක ඖෂධ නියමිත මාත්‍රාවට වැඩියෙන් ගැනීමෙන් සුවයක් නොලැබේ. එසේම නියමිත මාත්‍රාවට වඩා අඩුවෙන් ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇති වේ.  මේ නිසා ප්‍රතිජීවක ඖෂධ නියමිත මාත්‍රාවටට පමණක් ලබා ගත යුතුය.

  ප්‍රතිජීවක සොයා ගැනීම

ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් 1928 දී පෙනිසිලින් (Penicillin) නම් ඖෂධය සොයා ගැනීම නූතන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයේ ආරම්භයයි. අද වන විට පෙනිසිලින්, ඇමොක්සිලින් 'Amoxicillin', ඇමයිනො ග්ලයිකොසයිඩ් 'Amono Glycosides'  , ජෙන්ටමයිසින් 'Gentamycin' , ටෙට්‍රසයික්ලින් 'Tetracyclines' , ක්ලොක්සැසිලින් 'Cloxacillin', කො ඇමොක්සික්ලව් 'co-Amoxiclav ' , එරිත්‍රොමයිසින් 'Erythromycin'  වැනි විවිධ ප්‍රතිජීවක විවිධ වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කෙරේ.

ප්‍රතිජීවක ප්‍රතිකාර

ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර වශයෙන් ලබා දෙන්නේ විවිධාකාරයෙනි. සමහර විට ඒවා මුඛ මාර්ගයෙන් ලබා දෙයි. එය සරල හා පහසු ක්‍රමයකි. සිරුර පුරාම විහිදී පවතින බැරූරුම් ආසාදනයක් සහිත වූ විට ප්‍රතිජීවක ඖෂධ ‘ඉන්ජෙක්ෂන්' මගින් ශිරාගත කරනු ලබයි.  තවත් අවස්ථාවල ප්‍රතිජීවක ඖෂධ ඇස්වලට යොදන බින්දු හෝ ආලේපනයක් ලෙස යොදා ගනියි.  කෙසේ කුමන ආකාරයකට ප්‍රතිජීවක ඖෂධ යොදා ගන්නේද යන්න තීරණය කිරීම වෛද්‍යවරයා සතුය.

වෛරස් රෝගවලට ප්‍රතිජීවක

වෛරස් මගින් සෑදෙන සෙම්ප්‍රතිශ්‍යාව, සෙම්ගෙඩි, ඉන්ප්ලුවෙන්සාව, වෛරස් උණ, ඩෙංගු වැනි රෝගවලට ප්‍රතිජීවක ලබා ගැනීමෙන් සුවයක් නොලැබේ. එයට හේතුව ප්‍රතිජීවක ක්‍රියාත්මක වන්නේ බැක්ටීරියාවලට එරෙහිව පමණක් වීමයි.

 අයෝග්‍ය ලෙස ප්‍රතිජීවක ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිදු වන්නේ අපේ ශරීරයේ ජීවත් වෙන හිතකර බැක්ටීරියා විනාශ වීමයි. එයින් අතුරු රෝග ඇති වීම වැළැක්විය නොහැකිය.  ඇතැම් බැක්ටීරියාවන් ප්‍රතිජීවක ඖෂධ මගින් විනාශ කරයි. තවත් බැක්ටීරියා ගුණනය වීම වළක්වයි.

 

2050 වන විට ලෝක ජනගහනයෙන් මිලියන 50ක් මිය යන්නේ ප්‍රතිජීවක ඖෂධවලට රෝග පාලනය කළ නොහැකි වීම නිසා බව එම වාර්තාවල දැක්වේ.

උණට ප්‍රතිජීවක

උණ යනු රෝගයක ලක්ෂණයක් පමණි. ඒ නිසා උණට නොකෙරේ ප්‍රතිජීවක ඖෂධ නියම නොකෙරේ.

 ප්‍රතිජීවක අසාත්මික වීම

වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් සැලකිල්ල දක්වන කරුණක් නම් යම් රෝගියකුට ප්‍රතිජීවක අයහපත් ලෙස ප්‍රතික්‍රියා දක්වන්නේද යන්නයි.  පෙනිසිලින් ප්‍රතිකාර ලබා දීමේදී වෛද්‍යවරු සුළු මාත්‍රාවක් ලබා දී ඒ පිළිබඳව විමසිලිමත් වෙති. රෝගියාගේ ශරීරයේ යම් කැසීමක් ඇති වන්නේ නම් එහි තේරුම එම රෝගියාට පෙනිසිලින් නොගැළපෙන බවයි.  මේ ආකාරයෙන් ප්‍රතිජීවක නිසා කැසීම, පළු දැමීම, ඇස් කැසීම, ඇස් ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතාව, වමනය වැනි ලක්ෂණ පහළ වන්නට පුළුවන. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එම ප්‍රතිකාර වහාම නැවැත්විය යුතුයි.  එම තත්ත්වය වෛද්‍යවරයාට වහාම වාර්තා කළ යුතුයි.

 

නව ප්‍රතිජීවක

බැක්ටීරියාවල ලක්ෂණයක් නම් ප්‍රතිජීවකවලට ප්‍රතිවිරෝධීතාවක් ඇති කර ගන්නට සමත් වීමයි. මේ නිසා නව ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමේ අවශ්‍යතාව වෛද්‍ය ක්ෂේත්‍රයට ඇති වී තිබේ.  පසුගිය වසර 40ක කාලය තුළ නව ප්‍රතිජීවක ඖෂධ තුනක් සොයා ගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත.  එම
පර්යේෂණ තවමත් අවසාන
වී නැත. 

අනතුරු හැඟවීමක්

ප්‍රතිජීවක ඖෂධවලට රෝග පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2050 වන විට ලෝක ජනගහනයෙන් මිලියන 50ක් මිය යන්නේ ප්‍රතිජීවක ඖෂධවලට රෝග පාලනය කළ නොහැකි වීම නිසා බව එම වාර්තාවල දැක්වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ප්‍රතිජීවක ඖෂධ නිසි ලෙස නිවැරදි ආකාරයට භාවිතා නොකිරීමයි.

ප්‍රතිජීවකවල ක්‍රියාකාරිත්වය

ශාරීරික අසාත්මිකතා ඇති කරන විවිධ බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය අඩාළ කිරිමට, එසේත් නැතිනම් සම්පූර්ණයෙන් විනාශ කරන්නට ප්‍රතිජීවක ඖෂධවලට හැකි වේ. බැක්ටීරියා ප්‍රමාණයෙන් වර්ධනය වීම ප්‍රතිජීවකවලින් වළක්වනු ලබයි.  එසේත් නැතිනම් විනාශ කරනු ලබයි.

ප්‍රතිජීවක භාවිතය සම්බන්ධයෙන් ඉතා හොඳ උදාහරණයක් දැක්වෙන්නේ පළමු ලෝක යුද්ධයේදීය. එහි දී තුවාල ලැබූවෝ  විශාල පිරිසක් බැක්ටීරියා ආසාදනවලින් මිය  ගියහ. එහෙත් දෙවන ලෝක යුද්ධයේදී මෙහි වෙනසක් ඇති කරන්නට පෙනිසිලින් සහාය විය. මෙහි දී සිදු වූයේ එම තුවාල ලත් සෙබළුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රතිජිවක යොදා ගැනීම නිසා ඔවුන් මිය ගිය ප්‍රමාණය අඩු වීමයි.

වෛද්‍ය උපදෙස් වලට අනුවයි

ඖෂධ ශාලාවලින් ප්‍රතිජීවක ඖෂධ ලබා ගත හැක්කේ වෛද්‍යවරයකුගේ වට්ටෝරුවක් ඇත්නම් පමණකි. කෙසේ වුවද ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව පමණි. ප්‍රතිජීවක ඖෂධ දීර්ඝ කාලයක් භාවිත නොකළ යුතුය. වෛද්‍යවරුන් මෙම ඖෂධ නියම කරන්නේ කෙටි කාලයකටය. සාමාන්‍යයෙන් දවස් තුනේ සිට සති දෙකක පමණ කාලයක් ප්‍රතිජීවක ප්‍රතිකාර නියම කෙරේ.  දීර්ඝ කාලයක් ප්‍රතිජීවක නියම කරන්නේ කලාතුරකිනි.  ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ යුත්තේ වෛද්‍යවරුන් නියම කරන නිසි මාත්‍රාවට අනුවය.

තොරතුරු:
විශේෂඥ වෛද්‍ය දිලීප වික්‍රමසේකර මහතාගෙන් සහ අන්තර්ජාලයෙනි.

සුබෝධිනී පෙරේරා

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.