Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ලොකු මාමාගේ ලියුම

  • 2020-04-10 21:12:00
  • 0 Comments

ලොකු මාමාගේ ලියුම----------------------------------------
ආදරණීය දුවේ, පුතේ, මේ බක් මාසේ. අවුරුදු මසේ. නෑදෑයෝ එන මාසේ. නෑ ගමන් යන මාසේ. අවුරුදු ක්‍රීඩා කරන කාලේ. ඒ වුණාට මේ සැරේ අවුරුදු නෑ. රටම මුහුණ දීලා ඉන්න වසංගත තත්ත්වය නිසා අවුරුදු සමරලා සතුටු වෙන්න විදිහක් නෑ. 
ඒ වුණාට දුවලා පුතාලාට ගේ ඇතුළේ ඉදන් අවුරුදු සමරන්න බාධාවක් නෑ. කිරිබත් හදන්න පුළුවන්. කැවිලි හදන්න පුළුවන්. ගම්වල නම් කෙසෙල් කැනක් ඉදවා ගන්නත් පුළුවන්. ඒත් හොදට මතක තියා ගන්න ඕනෑ. තමන්ගේ ගෙදරින් පිට කිසි කෙනෙක් ලගින් ආශ්‍රය කරන්න එපා. ඒ තරහට නෙවෙයි. කාගෙත් ආරක්ෂාවට. සමහර වෛරස් සුළගින් පැතිරෙනවා. ඒත් වාසනාවට වගේ කොරෝනා වෛරස් එක සුළගින් පැතිරෙන්නේ නෑ. කෙනෙකුගේ මුවින් පිට වෙන කෙළ බිදිති මගින් තමයි පැතිරෙන්නේ. ඒ නිසා මුහුණු වැස්මකින් ලොකු ආරක්ෂවක් සලසා ගන්න පුළුවන්. ඒ වගේම දෙඅත් නිතර පිරිසුදු කර තබා ගැනීමෙන් ලොකු ආරක්ෂවක් ලබා ගන්න පුළුවන්. 
දුවලා පුතාලා මේ දවස්වල ගෙදර අනික් අයට උදව් පදව් කර ගෙන සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනෑ. ගම්වල නම් එළියට බහින්න මිදුලක් තියෙනවා. වත්තේ ඉඩ තියෙනවා. ඒ වුණාට දුවේ පුතේ, එළියට බහින්නවත් ඉඩක් නැති, පුංචි ගෙවල්වල ජීවත් වෙන අයත් ගොඩක් ඉන්නවා. මහල් නිවාසවල එළියට බහින්න තැනක් ඇත්තෙම නෑ. 
දුවලා පුතාලා මේ වගේ දුෂ්කර - ආපදාපන්න අවස්ථාවලට මුහුණ දෙන්නත් ඉගෙන ගන්න ඕනෑ. ඒකත් එක විදිහක ඉගෙන ගැනීමක්. ඒ ඒ දවස්වල තමන්ට හිතෙන දේ ගැන සටහනක් තියා ගන්න. එතකොට තව කාලෙ කදි ඒවා බලලා හිතන්න පුළුවන් ඇත්තටම මොකක්ද වුණේ, මම ඒ කාලේ මොකද කළේ කියලා. 
ඉතින් මගේ දුවලා පුතාලාට බුදු සරණ පතනවා. 
- ලොකු මාමා -j

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.