Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ලෝකය වෙනස් කරන්නේ මිනිසා විසින්මය. වසර ගනණාවක් තිස්සේ තාක්ෂණයේ බල මහිමයෙන් මෙතෙක් ලෝකයේ විශ්මිත වෙනසක් සිදුකරන්නට මිනිසා ට හැකියාව ලැබී ඇත.

තරුණ මායාකාරයෙකු වන හැරී පෝටර් හා ඔහුගේ මිතුරන් වන හර්මියොන් ග්‍රෙන්ජර් හා රොන්වෙස්ලිගේ තම දෙමාපියන්ගේ අභිරහස් මරණයට වගකිවයුතු අඳුරු මායාකාරයෙකු වන වොල්ඞ් මෝටර් සාමිවරයා අතර සිදුවන ගැටුම් හා අරගලයක් ප්‍රධානකොට ගත් හැරී පෝටර් කථා මලාව ලොව පුරා වෙසෙන ලොකු කුඩා බේදයක් නැතිව කාගේත්සිත් ගත්තකි.

හැරී පෝටර් හා ඔහුගේ මිතුරන් ඉන්ද්‍රජාලිකයන් සඳහා වන හොග්වාර්ට්ස් ඉංශ්‍රීසි නේවාසිකාගාරය වෙත පැමිණෙති. මෙම පාසට පැමිණෙන නවක සිසුන් පංති සඳහා වෙන් කිරීම කරන්නනේ විභාගයකින් හෝ පරීක්ෂණයකින් හෝ නොවේ. ඒ සඳහා පාසලේ ප‍්‍රධාන කාර්යාලයේ කතාකිරීමට හැකි මැජික් තොප්පියකි. මෙම මැජික් තොප්පිය හිස පැළදී පසු එම ශිෂ්‍යාගේ මනස කියවා ඔහුගේ විශේෂ දක්ෂතා තේරුම් ගන්නා තොප්පිය ඔහුට වඩාත් සුදුසු නිවාසය තෝරයි.

ඉතින් මනස කියවිය හැකිහැරී පෝටර් කතාවේ එන මැජික් තොප්පිය තව දුරටත් මායාවක් නම් නොවේ. හැරී පෝටර් කතා වේ ඔබද කින්නේ ගැෆික් මගින් නිර්මාණය වූවක් වුවත් ඒ වගේම අපුරු මැජික් තොප්පිය ක්  ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කල අතර ලෝකයෙන්ම පළමු තැන ගන්නටත් මේමැජ්ික් තොප්පියට හැකිවුණා.

මැජික්තොප්පිය - Sorting Hat

ලෝකය වෙනස් කරන්නට නම් මැජික් අවශ්‍ය නොවේ. මිනිසාසතු නිර්මාණශීලීත්වයත් විෂය දැනුමත් තාක්ෂණයත් එක්කරමින් මිනිසා නව නිර්මාණ බිහිකරයි. වසර ගණනාවක් තිස්සේ තාන්ෂණයේ බල මහිමයෙන් ලෝකය තුළ විශ්මිත වෙනසක් සිදුකරන්නට මිනිසාට හැකි වී තිබේ.

රෝබෝ තාක්ෂණයෙන් නිර්මාණය කර ඇත ිමෙම මැජික් තොප්පියට මොළයෙන් නිකුත් කරන තරංග හදුනා ගැනීමට දත්ත, ගබඩාකිරීමට ඒ අනුව චලනය විමට ද විශේෂිත භාෂා හැසිරවීමට ද හැක. මෙම තොප්පිය විසින් පැළද සිටින්නාගේ මොළයේ සංකේත (හිතනදේ) තේරුම් ගනී. ඒ අනුව තමන් හිතන දේ අනුව තොප්පිය කථා කිරීමට හැසීරීමට අනික් පුද්ගලියින් සමග හැසිරෙන ආකාරය වෙසන් කිරීමට හැකිය. මෙම මායාකාර තොප්පියට ඇස් දෙකක් හා කටක් ද පිහිටා ඇත. ඒ මගින් මෙයට මුහුණක් මෙන් ද යාකිරීමට ද හැකියාව ඇත. අතිනවීන ලේසර් කැමරා දෙක ඇස් මෙන් ක්‍රියාකරන අතර එ මගින් මොලයේ තරංග හදුනා ගනී. තොප්පියේ සැකිළි පද්ධතියට සම්බන්ධ වන මොටරය නිසා සැකිළි පද්ධතිය කි‍්‍රයාත්මක වෙයි. සැකිළි පද්ධතිය ක්‍රියාත්මක වනවිට මැජික් තොප්පිය ද චලනයවෙයි.

මැජික් තොප්පියෙන් මැජික්

හැරී පෝටර් කතාවේ මැජික් තොප්පිය නවක සිසුන් පංති සඳහාවෙන් කිරීම සිදු කළාට අපේ මැජික තොපපියට නම් ඊට වඩා ගොඩක් මැජික් පෙන්වන්නට හැකිය.

ඔට්සම් දරුවන්ට

ඔට්සම් යනු කුඩා දරුවන් තුල හට ගන්නා රෝගී තත්වයකි. මෙම දරුවෝ සමාජයට බියක් දක්වති. තනිවම සිටීමට වැඩි කැමැත්තක් දක්වන අතර අනෙක් දරුවන් සමඟ එක් ව සෙල්ලම් කිරීමට හා එක්ව කටයුතු කිරීමට අකමැති වෙයි. දරුවෙකුට ඔට්සම් රෝගය වැලදී ඇතිද නැතිද යන්න සොයා බැලීමට මෙම තොප්පියට හැකිය. තොප්පිය පැළද සිටින දරුවාගේ මොළයට සිදුකරන උත්තේජන මගින් දරුවාගේ හැඟීම් පෙන්නුම් කිරිමට ද අනෙක් දරුවන් සමඟ සාමාන්‍ය පරිදිකට යුතු කිරීමට ද හැකියාව ලැබේ. තවද තොප්පිය පැළද සිටින්නා අසළට කවුරු හෝ පැමිණිය හෝත් එයද තොප්පිය විසින් දැනුම් ලබයි. විද්‍යාව හා රොබෝ තාක්ෂණය එක්කරමින් රෝගී දරුවන්ගේ අනාගතය, ජීවිතය යහපත් කිරීමට හැකියාව ලැබී ඇත.

මෙම මැජික් තොප්පිය ඉදිරියේදී තව දුරටත් දියුණු කර ඔට්සම් දරුවන් ප්‍රතිකාර ලබන රෝහල් හා සම්බන්ධ වී සායනික පරීක්ෂණ මගින් වැඩි දියුණු කිරීමට ද නිර්මාණ කරුවෝ බලාපොරාත්තු වෙති.

රෝග නිශ්චයකිරීම

පරිගණක පද්ධතියක් මගින් ක්‍රියාත්මක වන මෙම මැජික් තොප්පියට දත්ත විශ්ලේෂනය, දත්ත ගබඩා කිරීමට හැකියාව ඇත. මෙම සුවිශේෂි හැකියාව මගින් රෝග නිශ්චය කිරීමයම් යම් රෝගයන් කලින් හදුනාගත හැකිවීම ඒ මගින් අනාගතයේ ඇති වියහැකි අවධානම් කලින් දැනගෙන ප‍්‍රති‍්‍රකාර සිදුකිරීමට ද හැකිය.

ජයග්‍රාහි මැජික් තොප්පිය සමග (පර්යේෂණකණ්ඩායම)

අදිෂ ගම්මන්පිලල අසේලා විජේසිංහල ටෙහානි වන්නියාරච්චිල විරාජි අමරාජීවා සහ ඩොවිනි ජයසිංහ යන අයගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායම ව්‍යාපෘතියේ අධීක්ෂක ආචාර්ය රවින්ද්රක ද සිල්වාල රොබෝ විද්‍යාව හා බුද්ධි පද්ධති රසායනාගාරයේ අධ්‍යක්ෂ

රොබෝ තාක්ෂණය

රොබෝවරු ගැන අපි කවුරුත් දන්නවා. විවිධ ප්‍රබන්ද කථා මාලා ඔස්සේ රෝබොවරු අපදැක ඇත. මෙම රොබෝ තාක්ෂණය ලෝකයට අලුත් නොවුනත් අපේ රටට නම් අලූත් දෙයක්. ලොකයේ තාක්ෂණික දියුණුව හේතුවෙන් රොබෝ තාක්ෂණය ද වේගයෙන් දියුණුවෙමින් පවති. රොබෝවරුන්ගේ සැළසුම්, පාළනය කිරීම , චලනය කිරීම, තොරතුරු සැකසීම ආදී සියල්ල සිදුකරන්නේ පරිගණක පද්ධති මගිනි. බොහෝ වේලාවට මිනිසුන්ගේ පෙනුමට සමාන වන පිරිදි රොබෝවරුන් සාඳා ඇත. යම් දිනක රොබොවරුන්ට මිනිසාගේ ක්‍රියාකාරක්ම අනුකරණය කිරීම මෙන් ම මිනිස් ස්වරූපයෙන් කටයුතු කල හැකිවනු බවට විශ්වාස කෙරේයි. මේවන විට රොබෝවරු මිනිසුන්ට අනතුරු දායක රුකියා කිරීමට යොදා ගනී.

  • බොම්බ නිශ්ක්‍රියා කිරිම
  • විවිධ අපදා අවස්ථාවලදී දිවි බේරා ගත් අය සෙවීම
  • පතල් හා නැව් ගවේශණය
  • අභ්‍යවකාෂයේ, අධික තාපයෙන් යුතු ස්ථාන, ජලයට යටින්, අන්තරායකාරී ද්‍රව්‍ය හා විකිරණශීලී ස්ථානයන්හි සිදුකරනු ලබන කටයුතු සඳහා රොබෝවරු යොදා ගනිති.

 "ඉදිරියේදි නිර්මාණය කිරීමට සැළසුම් කරන නැනෝ රොබට්, අන්වීක්ෂය රෝබෝවරුන්  සිරුරේ රුධිර ප‍්‍රවාහය සමඟ ගමන් කරමින් ආසාදන වලින් ආරක්ෂා කිරීම හා ප‍්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා මිනිස් සිරුරට එන්නත් කළ හැකිය. එයින් වෛද්‍ය විද්‍යාව තුලින් මිනිසාගේ සෞඛ්‍ය විප්ලවීය වෙනසක් සිදුකිරීමට හැකිවනු ඇත.

 

මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරින් ක්‍රියාත්මක වෙනවා .මෙම තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් , ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට,තොප්පිය තුළ සවි කර ඇති සංවේදක මගින්  දැනුම් දෙනවා  .
 ඊට අමතරව "ඔටිසම්" රෝගය වැළඳිය ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට භයයි . අකමැතියි .
එම දරුවන්ට මෙම "ඔටිසම්" රෝගී තත්ත්වය  වැළඳී ඇත්ද ,  නැද්ද යන්න  මුලින්ම අනාවරණය කරගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා .

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් , මෙම තොප්පිය පැළඳීමෙන්ඔ,වුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා. "

ලෝකෙන්ම පළමු තැනට

”කල නොහැක්කක් නොමැත” යන්න කියමනකි. නමුත් අපේ මැජික් තොප්පිය එය යථාර්තයක් බවටපත් කළේය. රොබෝ තාක්ෂණය ලංකාවට අලූත් දෙයක්වුනත් ජපුර සිසුන් කණ්ඩායම විසින් රොබෝ තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කෙරුණු මැජික් තෝප්පිය ලෝකෙන්ම පළමු තැනට පැමිණ ඒ අභියෝගය ජය ගත්තා.

අන්තර් ජාතික සමාජීය රොබටික් තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ස්පාඤ්ඤය විසිනි. වසරකට වරක් පවත්වන මෙම තරගාවලිය මෙවර 11 වනවරට ස්පාඤ්ඤයේ අගනුවර වන මැඞ්රිඞ්හිදීය. මේසඳහා ලෝකයේ රටවල් වල විශ්වවිද්‍යාල 50 න්  නිර්මාණ 80 ක් පමණ ඉදිරිපත් විය.

නව තාක්ෂණය අතින් දියූණු ම රටවල් වන ඇමරිකාව, ජපානය, ඉතාලිය, වැනි රටවල් ද මෙම තරගයේ පළමු තැනට තරග වදින්නේ විශ්මිත නිමැවුම් රුසක් ඉදිරිපත් කරමින් ය. නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ රොබෝ තාක්ෂණයෙන් නිපදවු මැජික් තොප්පිය ය ප්‍රථම තැන හිමිකර ගන්නේ අපේ රටට ද මහත් අභිමානයක් එක්කරමිනි.

ශෂිකා කරුණාරත්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.