සයුරැ තෙර
- 2020-07-02 18:29:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිමක් නැති අගක් නැති
කටු කොහොල් මැද දිලිහෙනා
රිදුම් පිරිමැද සතුට කැන්දන
සටනක නිතර තනිවුණා
වේදනාවත් මිහිරි මතකත්
සෑම දෙයකට අරුතිනා
අවසානයේ අපට ඇත්තේ
හදවතට සවන් දීම තමා
සයුරු තෙර තෙක් නිමක් නැති සේ
ගලන ගංගා දහරිනා
එලෙස අපගේ සතුටු කඳුළුත්
දුකත් සමසේ දරමිනා
හදවත නමැති වෙඬරු පිඩ
අපට අවනත කරමිනා
දිවි ගමනට අරුත කැන්දන
හදවත අපගෙම තමා
දුලංජලී කෞශල්‍යා
11 හ්‍රේණිය,
ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලය,
මාලබේ.
Reply To:
Name - Reply Comment
0 Comments