සැඳෑ අසිරිය
- 2020-09-11 09:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා රතට රතේ
ගිනි බෝලයක් වගේ
අවර දිගින් රන් පාටට
මුහුදෙ ගිලෙනවා
උදෑසනින් අවදි වෙලා කීචි බීචි කෑ ගසලා
පියඹා ගිය සියොතුන් හැම සැඳෑ අහසෙ රටා මවයි
පාන්දරින් අවදි වෙලා අපට සෙත සදන්නට
නිවසින් ගිය අප්පච්චි ගෙදරට එනවා
මල් වට්ටිය පුරවාලා සුවඳ පහන් දල්වාලා
අක්කා අයියා සමගින් මම බුදු පුදයට සැරසීලා
හිරැ කුමරා බැස යනවා ලොව අඳුරෙන් ගිලිහෙනවා
සඳකුමරිය නැග එද්දිම සැඳෑ අසිරි සිරි මැවෙනවා
ගගන නිමේෂ් රණවක
4 ශ්‍රේණිය,
ර/ඇහැ/ විලේගොඩ විජේනායක විද්‍යාලය,
ඇහැළියගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments