සැඳෑවත් සමගින්
- 2020-07-30 14:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සැඳෑවත් සමගින් නැගෙන කළුවර
නිවන්නට සඳ රුස් නැගේ
විඩාබර වූ පුංචි පැල්පතේ
ඒ දෙනෙත් අග නැගෙන කඳුළැලි
කිසිම දා නැත නැවතුණේ
කුසගිනි නිවා ගන්නට
දොර අගට වී සිටි වෙලේ
කිසිදාක නොනිවෙන හදක ගිනි
ඉහටත් උඩින් පුපුරා ගියේ
සෝ සුසුම් ඉහළට නැගී මහ කළුවරේ
දෑස් කඳුළැලි පිසදමා
බලා සිටියෙමි හිරැ පායනා මොහොතක
උණුසුම් පහස දැනෙන තුරා
සවිද්‍යා රවිඳි
9 ශ්‍රේණිය,
හ/තංගල්ල බාලිකා විදයාලය, තංගල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments