Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකප්‍රකට ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ නව මුද්‍රණය සඳහා නයිජීරියානු වචන සහ කියමන් 29ක් එක් කර ඇතැයි එහි සංස්කාරකවරු පවසති. නයිජීරියානු භාෂා වන හවුසා සහ යොරුබා යන භාෂාවලින් ලැබුණු වදන් මෙන්ම ඔවුන් සකසා ගත් වදන් ද මීට යොදා තිබේ. මිලියන ගණනක නයිජීරියානුවෝ ඉංග්‍රීසි භාෂාව භාවිත කරන බව පවසන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ සංස්කාරකවරු ඔවුන් ඉංග්‍රීසි භාෂාවේ හැඩරුව වර්ධනයට උපකාරී වී ඇතැයි ද පවසති.

අලුතින් එක් වූ වදන් කිහිපයක් පහත දැක්වේ.

Kannywood – නයිජීරියානු හවුසා භාෂාවට අනුව කැනෝ නම් නගරය කේන්ද්‍රකරගනිමින් ඇති වූ සිනමා කර්මාන්තය මෙලෙසින් හඳුන්වයි.

Ember months – සැප්තැම්බර්යේ සිට දෙසැම්බරය දක්වා වසරේ අවසන් මාස

next tomorrow - අනිද්දා

To rub minds - උපදෙස් විමසමින් එක්ව කටයුතු කිරීම

barbing salon - කොණ්ඩා කපන ස්ථානය

මෙම වචන අලුතින් එක්කිරීමට පෙර පටන් ම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නයිජීරියානු වචන 57ක් ඇතුළත්ව ඇත. ඉංග්‍රීසි භාෂාව ලොව පුරා ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සමස්ත කරුණු පිළිබිඹු කිරීම සඳහා මෙම වදන් ශබ්දකෝෂයට එක් කළ බව එහි ඉංග්‍රීසි භාෂා සංස්කාරකවරිය වන ඩැනිකා සලසාර් මහත්මිය පැවසුවාය. “ඔක්ස්ෆර්ඩ් කියන්නේ, ඓතිහාසික ශබ්දකෝෂයක්. එහි කාර්ය භාර්ය වන්නේ, ඉංග්‍රීසි භාෂාව භාවිතයේ සංවර්ධිත අවස්ථා ගැන කතාන්දරය ඉදිරිපත්කිරීමයි. ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාවක්. ලෝකයේ විවිධ රටවල විවිධ පසුබිම් යටතේ සිටින මිනිසුන් එය භාවිත කරනවා. මිනිස්සු අලුතින් වචන නිර්මාණය කරනවා. ඒවායින් භාෂාවට විවිධ හැඩ ලැබෙනවා.

නයිජීරියාව වගේ ඇතැම් රටවල් ඉංග්‍රීසි භාෂාවට සෘජුව බලපාන බවට අපි දැනට හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ ඉංග්‍රීසි බස විශාල වශයෙක් කතාකරන රටක් ලෙස එය සැලකෙනවා. අපේ කාර්යභාර්ය තමයි ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය ගැන පැවසීම. එතැනදි නයිජීරියානුවන්ගේ දායකත්වය අමතක කළොත් කතාන්දරය සම්පූර්ණ වෙන්නෙ නෑ. වැඩිපුර වචන එක්කළොතින් තමයි ඉංග්‍රීසි භාෂාව ලෝකයේ පැතිරයාම නිවැරදිව මෙයින් පෙන්නුම් කරන්නේ” යැයිද ඇය පැවසුවාය.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

(සීඑන්එන් ඇසුරිනි)
 
)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.