Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ටෙස්ට් පිත්කරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතුරුව 10 වැනි ස්ථානයේ සිටි දිනේෂ් චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් අටවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්වී ඇත.

ඉන්දියාවත් සමගින් පැවැති ටෙස්ට් තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 743 ක් හිමිකරගත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන්නේය.

අළු බඳුන තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 947 ක් හිමිකර ගෙන පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටින ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේය.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගයට පෙර පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී දෙවැනි ස්ථානයේ සිටි විරාට් කෝලීට ලකුණු අතරට පැමිණිමට නොහැකිවීම හේතුවෙන් එක් ස්ථානයක් පහතට වැටී ඇත. 

අවසන් ටෙස්ට් තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගත් ජෝ රූට් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පත්විය.
ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටි එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් දෙවැනි ස්ථානය ඇද දමමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සමත්විය. ප්‍රසාද ලකුණු 888 ක් හිමිකර ගෙන ඇති රබාඩා ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන්නේය.

ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටින කගිසෝ රබාඩා සහ දෙවැනි ස්ථානයේ සිටින ජේම්ස් ඇන්ඩර්සන් අතර ඇත්තේ ලකුණක පරතරයක් පමණි.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් තරයේදී ජයග්‍රහණය කරා දකුණු අප්‍රිකාව රැගෙන යාමේ නියමුවා වූ වර්නන් ෆිලැන්ඩර් ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථානය හයක් ඉදිරියට පැමිණෙමින් හයවැනි ස්ථානය හිමිකර ගැනීමත් සමගින් හයවැනි ස්ථානයේ සිටි රංගන හේරත් එක් ස්ථානයක් පහත වැටුණි.

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.