‘රජයේ තාක්ෂණික ආයතනවල අධ්‍යාපනය නොමිලේ‘
- 2016-12-02 09:55:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැනට මුදල් ගෙවා රජයේ තාක්ෂණික අධ්‍යාපන ආයතනයන් හි වෘත්තීය අධ්‍යාපන කටයුතු වල යෙදෙන සියලුම සිසුන් සඳහා ලබන වසරේ සිට කිසිදු අයකිරීමකින් තොරව වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට රජය තීරණය කර තිබේ.
2017 රජයේ අයවැය යෝජනාවක් අනුව මෙය ක‍්‍රියාත්මක වන බවත්, ඒ අනුව ලබන ජනවාරි පළමු වැනිදා සිට ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය, සාගර විශ්ව විද්‍යාලය, තාක්ෂණ විශ්ව විද්‍යාලය ඇතුළු තම අමාත්‍යාංශය යටතේ පවතින සියලුම තාක්ෂණික ආයතනයන්හි වෘත්තීය අධ්‍යාපන පාඨමාලා නොමිලේ හැදෑරීමට අවස්ථාව සැලසේ.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමති මහන්ද සමරසිංහ මහතා මේ බව කීය. අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේ සිට මෙම තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත‍්‍ර තුළ නිදහස් වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කර ඇති බවය.
(තිලිණි ද සිල්වා-ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments