රාජ්‍ය වෙසක් උත්සවය අද වට්ටාරම රජමහාවිහාරයේදී
- 2017-05-09 10:53:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම රාජ්‍ය වෙසක් උළෙල නිමිත්තෙන් (07 දා) ආරම්භ වූ වෙසක් සතිය මැයි 13 වැනි දා දක්වා ක්‍රියාත්මක කෙරේ. වෙසක් සතිය තුළ එහිදී පරිසරය හා බුදු දහම, සෞඛ්‍ය හා බුදු දහම, සාහිත්‍ය හා බුදු දහම, කලා හා බුදු දහම, ආර්ථිකය හා බුදු දහම යන මාතෘකා ඔස්සේ සම්මන්ත්‍රණ පැවැත්වීමට ද බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. තව ද රාජ්‍ය වෙසක් උළෙල නිමිත්තෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දහම් පාසල් මට්ටමින් රචනා තරගද පාසල් මට්ටමින් නාට්‍ය හා චිත්‍ර තරග ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 100ක් සහ දහම් පාසල් 100ක් වැඩිදියුණු කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කළ බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. (ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments