Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව පුරා දරුවන් අනාගතයේදී මුහුණ දෙන දරුණුතම අවදානම් සහගත තත්ත්වය වන්නේ දේශගුණික විපර්යාස බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් %යුනිසෙෆ්^ සංවිධානය පවසයි. එම සංවිධානයේ 30 වැනි සැමරුම වෙනුවෙන් පසුගිය සඳුදා නිකුත් කරන ලද අලුත්ම වාර්තාවක මේ කරුණු සඳහන්ව තිබේ. 1989 වසරේදී පිහිටුවා ගැනුණු මෙම සංවිධානය ගෙවුණු දශක තුනේදී ලොව පුරා දරුවන්ගේ සුභසිද්ධිය නංවාලීම වෙනුවෙන් බොහෝ කටයුතු රැසක්ම සිදුකර තිබේ.

ඒ අනුව ගතවුණු මෙම කාලසීමාවේදී ලොව දරුවන් මුහුණ දුන් ප්‍රධානම අභියෝගයන් වූ සෞඛ්‍ය, පෝෂණය සහ අධ්‍යාපනය යන කාරණාවලට වඩා අනාගතයේදී දේශගුණික විපර්යාස හරහා එල්ල වන තර්ජනය වැදගත් බව එම සංවිධානයේ ප්‍රධානී හෙන්රිටා ෆෝර් පවසන්නීය. ඊට අමතරව අන්තර්ජාලය හරහා සිදුකරන අපයෝජනද දරුවන් මුහුණ දෙන අනාගත තර්ජන ලෙස හඳුනාගෙන ඇත.

ගතවුණු වසර 30ක කාලයේදී ලොව පුරා වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ අනුපාතය 60෴ කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම දරුවන්ගෙන් බොහෝ පිරිසකට මූලික අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිව තිබෙනවා. අද වනවිට පාසල් නොයන දරුවන් සංඛ්‍යාව 18෴ සිට 8෴ දක්වා අඩුව තිබෙනවා.* මෙම වාර්තාව පවසයි.

කෙසේ වෙතත් ලොව තවමත් පවතින දුප්පත් - පොහොසත් බෙදීම මෙම දරුවන්ට දරුණු හානිකර තත්ත්වයක් ඇති කරවන බව යුනිසෙෆ් ප්‍රධානියා පවසයි. උදාහරණයක් ලෙස පොහොසත් පවුල්වල උපත ලබන දරුවන්ට වඩා දුප්පත් පවුල්වල උපත ලබන දරුවන් වයස අවුරුදු පහට අඩු කාලයේදී මොනයම් හෝ හේතුවක් නිසා මරණයට පත්වීම දෙගුණයකින් වැඩි බව හඳුනාගෙන ඇත.

&දේශගුණික විපර්යාසවලින් මේ දරුවන්ට ඇති වන ප්‍රධානම තර්ජනය වන්නේ ඒ හේතුවෙන් ඇති වන දරුණු කාලගුණික අවස්ථාවනුයි. දැනටමත් ලොව පුරා ස්ථාන රැසකදීම අධික වර්ෂා තත්ත්වයන් වගේම අධික උණුසුම් තත්ත්වයන් අපි අත්විඳිමින් තිබෙනවා. එහි අවසන් ප්‍රථිඵලය වන්නේ ආහාර සහ ජල සුරක්ෂිතතාව නොමැති වීමයි. එය ඍජුවම බලපාන්නේ දරුවන්ගේ පෝෂණය වෙතයි.* යුනිසෙෆ් ප්‍රධානියා පවසයි.

ඒ අනුව මෙම අහිතකර දේශගුණික විපර්යාස තත්ත්වයන් පාලනය කිරීම සඳහා ලොව රාජ්‍යයන් වහාම පියවර ගත යුතුව ඇති බව යුනිසෙෆ් සංවිධානයේ අදහස වී තිබේ. එහිදී නවෝත්පාදන, නව තාක්ෂණය, දේශපාලන අවශ්‍යතාව මෙන්ම සම්පත්හි වර්ධනය යනාදිය ප්‍රධාන බව ඔවුන් පෙන්වා දෙයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.