මහා ගත්කරු මර් ටින් වික්‍රමසිංහ සූරීන් පිළිබඳ රචනා තරගය 2025
- 2025-10-22 14:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් පවත්වන ලද මහා ගත්කරු මාර් ටින් වික්‍රමසිංහ සූරීන් පිළිබඳ රචනා තරගයේ ත්‍යාග හා සහතික පත් ප්රදානය පසුගියදා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. මෙම තරගය සංවිධානය කරන ලද්දේ මාර් ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 49 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි. මේ සඳහා මාර් ටින් වික්‍රමසිංහ භාරකාර අරමුදල අනුග්‍රහය දක්වා ඇත.
පාසල් දරුවන් සඳහා අවුරැදු 12 – 15 සහ අවුරැදු 16 – 19 වයස් කාණ්ඩ දෙක යටතේ සිංහල / දෙමළ / ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තරගය පවත්වන ලදී.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහත්මාණන්ගේ ප්‍රදානත්වයෙන් උත්සවය පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර් ය සඳගෝමී කෝපරහේවා සහ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර් ය මිලින්ද මායාදුන්න යන මහත්වරුන් විසින් ආරාධිත දෙසුම් පවත්වන ලදී.
ජයග්‍රාහී පාසල් සිසු සිසුවියෝද, ඒ ඒ පාසල්වල විදුහල්පතිවරු සහ ගුරු භවත්හුද, මවුපියෝද, මෙම උත්සවයට සහභාගි වූහ. මාර් ටින් වික්‍රමසිංහ භාරකාර අරමුදල වෙනුවෙන් එහි සභාපති මනින්ද වික්‍රමසිංහ, එහි ලේකම් මාලින් වික්‍රමසිංහ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරු සහභාගි වූහ.
මෙම තරගාවලිය සංවිධානය කරන ලද්දේ ජාතික පුස්තකාල හා ප්‍ර ලේඛන සේවා මණ්ඩලයේ පාඨක සේවා අංශය විසිනි.
බන්දුල පී. දයාරත්න
\
Reply To:
Name - Reply Comment
0 Comments