බස්නාහිර මුදුහු පතුල සියයට 80ක් දූෂණය වෙලා
- 2019-03-25 13:38:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්තයක් ලෙස ලංකාවේ මුහුදු පතුල තුළ 50%කට වඩා කැළිකසළඑකතුවී ඇති බවද මෙමගින් අනාවරණයකරගෙන ඇත. බස්නාහිර මුහුදු තීරයේ ගමනාගමන කටයුතු වැඩි වශයෙන් සිදුවන බැවින්, නාවික යාත්‍රා මගින් කසළ බැහැර කිරීමේදී සහ ශ්‍රී ලංකාවේ ජනාකීර්ණම ප්‍රදේශය බස්නාහිර ප්‍රදේශය බැවින් හාකැලණි ගඟසහ කළුගඟ හරහා මුහුදටකසළ එකතුවීමෙන් මෙලෙස මුහුදු පතුල දූෂණය වී ඇති බව 'නාරා' ආයතනය සඳහන් කරයි.
මෙලෙස මුහුදු පතුල දූෂණය වීම හේතුවෙන් ලංකාව අවට මුහුදු ජලයේ ඔක්සිජන් ප්‍රමණය අඩුවී ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත. එමෙන්ම ශ්‍රීලංකාව වටා මුහුදු තීරය ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මගින් දූෂණය වී ඇති බව මෙම ගවේෂණයේදී අනාවරණය වී ඇති අතර,ඇසුරුම් දව්‍ය, කාර්මික උපකරණ හා ධීවර ආම්පන්න මගින් මුහුදට එක්වන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමණය වැඩිවී ඇති බවද අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් ශ්‍රීලංකාවේ වයඹදිග මුහුදු තීරය වැඩි ලෙස ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්වලින් දූෂිත මුහුදු තීරය ලෙස මෙමගින් හඳුනාගෙන ඇත. ඒ අනුව වයඹ මුහුදු තීරයේ ඝනමීටරයට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් 0.89ක් ඇතිබව හඳුනාගෙන ඇති අතර,නැගෙනහිර මුහුදේ සහ නිරිත දිග මුහුදේ ඝනමීටරයට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් 0.29ක ප්‍රමාණයක්ද, ගිනිකොණ දිග මුහුදේ ඝනමීටරයට ක්‍ෂුද්‍රප්ලාස්ටික් 0.28ක්, දකුණු මුහුදේ ඝනමීටරයට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් 0.27ක් සහ ඊසානදිග මුහුදේ ඝනමීටරයට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් 0.21ක් ඇති බව මෙම ගවේෂණයේදී හඳුනාගෙන තිබේ.
මේ අකාරයට ශ්‍රී ලංකා මුහුදු තීරය දූෂණය වීම හේතුවෙන් ශ්‍රීලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත පසුගිය වසර 40ක කාලසීමාව තුළ ශීඝ්‍රයෙන් අඩුවී ඇති බවශ්‍රී ලංකාව වටා සාගර සම්පත අධ්‍යයනය කිරීමේදී අනාවරණය කරගෙන ඇත. නෝර්වේ රජය සහ නාරා ආයතනය එක්ව මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර, එම වාර්තාව පසුගියා එළිදක්වා තිබේ.
එම වාර්තාවට අනුව වර්තමානයේ ශ්‍රී ලංකා මුහුදු තීරයෙහි මුහුදු පතුලේ ජීවත්වන මත්ස්‍ය විශේෂ ජෛව ස්කන්ධ ප්‍රමාණය ටොන් 53,000ක් පමණ වේ. මීටවසර 40කට පෙර 1978 - 1980 කාලසීමාව තුළ ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ජීවත් වූ මත්ස්‍ය විශේෂ ජෛව ස්කන්ධ ප්‍රමාණය ටොන් 250,000 – 350,000 අතර විය. ඒ අනුව වර්තමානයවනවිට මාළු ටොන් 197,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වී ඇත.
වර්තමානයේ මුහුදු තීරය තුළ ජීවත් වන මත්ස්‍ය ප්‍රමාණ අතරින් ගිනිකොණදිග මුහුදේ වැඩිම මත්ස්‍ය ප්‍රමාණයක් ජීවත්වන අතර, එහි ජෛව ස්කන්ධ ප්‍රමාණය ටොන් 8,173ක් බවත්, වයඹදිග මුහුදු තීරයේ ටොන් 967ක පමණ අඩුම මත්ස්‍යප්‍රමාණයක් ජීවත්වන බවත් අදාළ වාර්තාව මගින් පෙන්වාදී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු තීරයේ මතුපිට මුහුදේ මත්ස්‍යගහනයද ශීඝ්‍රයෙන් අඩුවී ඇති බවදමෙම වාර්තාවේ සඳහන් කර ඇත. වර්තමානය වනවිට මතුපිට මුහුදේ කුඩා සමුද්‍රික මත්ස්‍යයන්ගේ ජෛව ස්කන්ධ ප්‍රමාණය ටොන් 21,000ක් පමණ වන අතර, සාලයා, හුරුල්ලා ආදී මත්ස්‍ය ප්‍රමාණයද ටොන් 21,000ක් වන බව එම වාර්තාව මගින් අනාවරණය කරගෙන තිබේ. වර්තමානයේ ජලය මතුපිට මධ්‍යම සමුද්‍රික මත්සය ප්‍රමාණය ටොන් 101,000ක් වන අතර, අතීතය සමග සැසඳීමේදී එය විශාල ප්‍රමාණයක අඩුවීමක් පෙන්නුම්කරන බවද එම වාර්තාවේ සඳහන් වේ.(CS)
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු සැලසුම්සහගත නොවී වැඩි වශයෙන් සිදුකිරීමත්, ධීවර පරිසර පද්ධතිය අධික ලෙස දූෂණය වීමත් මෙලෙස මත්ස්‍ය සම්පත අඩුවීමට හේතුවී ඇති බවදශ්‍රී ලංකාව වටා සාගර සම්පත අධ්‍යයනය කිරීමේ වාර්තාව තුළ දක්වා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments