ආක්‍රමණශීලී ශාක හඳුනා ගනිමු.
- 2025-07-17 12:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිනි තණ - Panicum maximum
මෑත කාලීනව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි වේගවත් ව්‍යාප්තියක් ඇති ආක්‍රමණශීලී ශාක විශේෂයකි. ගණ පඳුරුමය ස්වභාවයක් සහිත මෙම ගිනි තණ විශේෂයේ ඉතා කෙටි රයිසෝමීය කඳකින් පැන නගින ඝන පඳුරු ලෙස වර්ධනය සිදුවේ. සිනිඳු පුරුක් සහ බූව සහිත ගැටවලින් යුක්තය. සාමාන්‍යයෙන් ශාඛා බෙදී ඇති අතර එම ශාඛා ඉහළට විහිදී පවතී. පහළ ම ශාඛා වලයක් ලෙස සකස් වී ඇත. මෙම පත්‍ර හෝ කඳ හෝ ශරීරයේ ස්පර්ශ වූ විටදී බූව නිසා කැසීමක් මෙන්ම සම මතුපිට සියුම් සීරීම් ද ඇති විය හැකිය.
ගිනි තණ නම් වූ මෙමආක්‍රමණශීලීශාකවිශේෂයමේවනවිටමෙරටවනාන්තරආශ්‍රිත ව පවතින විවෘත ස්ථානවල, ගංගා පිටාර තැනි ප්‍රදේශවල, ලඳු බිම් ආශ්‍රිත ව මෙන්ම පාරවල් දෙපස.. ආදී වශයෙන් බොහෝ ස්ථානවල හඳුනා ගත හැකිය. කාබනික පොහොර නිෂ්පාදනයටද, ඇතැම් ප්‍රදේශවල ගවයින්ගේ ආහාර ලෙසද ගිනි තණ ප්‍ර යෝජනයට ගනියි.
මෙම ශාක විශේෂය මර්දනය කිරීම හෝ විනාශ කර දැමීමට විවිධ ක්‍රම භාවිත කළත් එය සාර්ථික වී නොමැත. වල් නාශක යෝදා මර්දනය කිරීම, මුල් පද්ධතිය ගලවා මතුපිටට ගෙන දිරාපත් වීමට සැලැස්වීමෙන් ද යම් පාලනයකට නතු කළ හැකිය.
ඔබේ ප්‍රදේශ ආශ්‍රිත ව මෙම ශාක විශේෂය පවතින්නේ නම් එය විනාශ කිරීමට වහ වහා පියවර ගැනීම වැදගත්ය.
සුනිල් උඩුකල
ගිනි තණ - Panicum maximum
Reply To:
Name - Reply Comment
0 Comments