ලෝකයටම අලුත් මඩුවන් විශේෂ දෙකක් ලංකාවෙන්
- 2019-03-25 13:35:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයට අලුත් මඩුවන් විශේෂ දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළින් හමුවී තිබේ. නාරා ආයතනය සහ නෝර්වේ රජය එක්ව ශ්‍රීලංකා මුහුදු තීරයේ සිදුකළ ගවේෂණයකදී මෙම නව මත්ස්‍ය විශේෂ සොයාගෙන ඇත. මෙම විශේෂ ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතෙක් සොයාගෙන නොමැති බවත්, මෙම විශේෂ ලෝකයට අලුත් මත්ස්‍ය විශේෂ වියහැකි අතර, තවදුරටත් මේ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන බවත් පරීක්‍ෂණ අවසන් වනතුරු මෙම මත්ස්‍යයන් නම්කිරීමක් නොකරනු ඇත.
එමෙන්ම මෙම සමීක්‍ෂණය මගින් මෙතෙක් ශ්‍රී ලංකාව අවට මුහුදේ වාර්තා නොවුණු මත්ස්‍ය කීපයක් හඳුනාගැනීමට ද එම ගවේෂණ කණ්ඩායම සමත්ව තිබේ. මේ වනවිට ශ්‍රීලංකා මුහුදු තීරයේ ජලජ ජීවී සත්ව විශේෂ 600ක් සිටින අතර, ඒ අතරින් මත්ස්‍ය විශේෂ 400කට වැඩි ප්‍රමාණයක් සිටින බවද අදාළ ගවේෂණයේදී කරුණු අනාවරණය කරගෙන තිබේ. නෝර්වේ රජය සහ නාරා ආයතනය එක්ව මෙම සමීක්‍ෂණය සිදුකර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments