කුසුම් පීරිස් සමුගනියි

2020 සැප්තැම්බර් මස 23 පෙ.ව. 08:50 - {{hitsCtrl.values.hits}}  

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක මෙන්ම ගී පද රචිකාවික වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 74 වැනි වියෝ පසුවූවාය.

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, ගං ඉවුරේ, බිඳුනු පෙමක, සිතුවිලි සිරවී, දිගු නෙත් හසරැල්ලේ, අසුරු සැණින් එක් මොහොතකදී වැනි ජයප්‍රිය ගීත රාශියක් ඇය රචනය කළාය.

ඇය මුවන් පැලැස්ස, මොණරතැන්න ආදී ගුවන් විදුලි නාට්‍ය වලට දායකත්වය දැක්වූ ඇය හඩ කැවීම් ශිල්පිණියක් ලෙසද කටයුතු කළාය.

නෙවිල් පිරිස්ගේ ආදරණීය බිරිඳ වන ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

 

දින පොත