Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපට බොහෝ විට හිරැ එළියේ සිට වැඩ කටයුතු කිරීමට සිදු වෙනවා. නිවසේ දී, රුකියා ස්ථානයේ දී, පාසලේ දී, විනෝද චාරිකාවක දී ආදී අවස්ථා ඊට නිදසුන් වේ. එය ස්වාභාවික තත්ත්වයකි.
හිරැ එළිය අපට අත්‍යවශ්‍ය වුණත් අධික තාපය අහිතකරයි. එකී සංකූලතා මරණය දක්වා ද වර්ධනය විය හැකියි. සංකූලතා ඇති වුණු අවස්ථාවල ගතයුතු ක්‍රියාකළ යුතු ආකාරය දැන ගැනීම අත්‍යවශ්‍යය.
ඔබ සිතන්න ග්‍රීෂ්ම කාලයේ ඔබ ඔබේ මිතුරන් සමග යාල වනෝද්‍යානයේ ගමන් කරමින් සිටින බව. හරියට ම ඉර මුදුන් යාමේ ඔබට සිරැරේ අප්‍රාණික ගතියක් එක්ක අපහසුතාවක් දැනෙන්නට පටන් ගන්නවා. නළල දෙපසින් දහඩිය වැක්කෙරෙනවා. කම්මුල් දිගේ බෙල්ල දක්වා දහඩිය ගලා යනවා. වතුර බෝතලය ඇරියත් ඔබට දකින්නට ලැබෙන්නේ වතුර ඉවරවුණු හිස් බෝතලය. ඔබේ හදගැස්ම වේගවත් වෙනවා. ඔබ සිහිනැතිව ඇද වැටෙනවා.

 

විසඳුමක් සොයමු
පළමුවෙන්ම ඔබ ග්‍රීෂ්ම සෘතුවේ ගමන් යොදාගනිද්දී කල්පනාකාරී වන්න. මධ්‍යාහ්නයේ ශූෂ්ක ප්‍රදේශවල ගමන් කිරීම බොහොම අවදානම්. අධික තාපයට බඳුන්වන්නට පුළුවන්. එවැනි අවස්ථාවක එම ගමන යා යුතුම නම් සුදුසු ඇඳුමකින් සැරසෙන්න. වැඩිපුර දියර වර්ග රුගෙන යන්න.
දැන් අපි අධික තාපය නිසා ඇතිවන විෂාදයේ නැතිනම් සිහි නැතිවීමේ සහ අධික තාපය හේතුවෙන් ඇතිවන ආඝාතයේ වෙනස වටහා ගනිමු. එම සංකූලතා දෙක එකිනෙකට වෙනස්.
ඉහත අප කතා කරන්නට යෙදුණ අවස්ථාවට වඩා අයහපත් තත්ත්වයක් තාප ආඝාතයේ දී ඇති වෙනවා. එය බරපතළ තත්ත්වයකි. වහා රෝහල් ගතකළ යුතු තරමට මාරාන්තික තත්ත්වයක් ඇති වෙනවා. ශරීරය සම්පූර්ණයෙන් සිසිල් කිරීමෙන් මොළයට සිදුවිය හැකි හානි අඩුම කරගත යුතුය. රෝගීයාට සිදුවිය හැකි මරණය එයින් වළකා ගන්නට හැකියි.
නමුත් අධික තාපය නිසා ඇති වන විෂාද තත්ත්වය රෝහල් ගත නොකර සුවකළ හැකියි.  තාප විෂාදය සිරැරේ ලුණු සහ ජලය අඩු බව ප්‍රකාශ කිරීමක්. අවශ්‍ය තරම් ජලය සහ ලවණ සිරැරට නොලැබෙන අවස්ථාවක දී අධික ලෙස දහඩිය දැමීමෙන් විජලන තත්ත්වයක් ඇතිවීම පෙන්නුම් කරයි. මෙම රෝගී අවස්ථාවේ දකින්නට ලැබෙන ලක්ෂණ කිහිපයකි.
• අධික ලෙස දහඩිය පිටවීම, මෙහිදී සිරැර ඇතුළත හා පිටත පරිසරයේ උෂ්ණත්වය සමපාත කරගැනීමට සිරැර විසින් සිදුකරන ක්‍රියාවලියකි.
• කරකැවෙන ගතිය සමග ඇතිවන වික්ෂිප්ත බව.
• අධික තෙහෙට්ටු ගතිය සමග සිදුවන මස්පිඬු තෙරපීම.
මීට අමතරව ඇතිවන රෝග ලක්ෂණ 
• සාමාන්‍ය ව්‍යාකූලතාවය
• තද කහ පැහැයෙන් හෝ ගඩොල් පැහැයෙන් මුත්‍රා පිටවීම
• ඔක්කාර ගතිය
• හෘද ස්පන්දනය වේගවත් වීම
මෙවැනි අවස්ථාවක පළමුවෙන්ම කළ යුතු වන්නේ ගමන නැවැත්වීමය. වාඩිවී සිරැර සිසිල් වන්නට ඉඩහැරීම හරිම වැදගත්. ඊළඟට වඩා සිසිල් ස්ථානයකට යන්න ඔබට පුළුවන්. ඔබ ඉන්න ස්ථානයකට කිට්ටුව නාන තටාකයක්, ජලාශයක්, දිය පාරක්, වායු සමීකරණය කළ ගොඩනැගිල්ලක් එහෙම නැත්නම් වායු සමීකරණය කළ වාහනයක් තිබෙනවා නම් එයට ගොඩවන්න. සිරැර සිසිල් කිරීමට උපකාර කරගන්න. ඒ එකක්වත් නැතිනම් කරන්න තියෙන්නේ සිසිල් ගස් හෙවණකට අඳුරැ සිසිල් ස්ථානයකට යන එක.

ශරීරයට ජලය ලබාදීම 
ඔබ ක්‍රියාකාරකම් නතර කළ පසුව සිසිල් ස්ථානයකට වී කළ යුතු වෙන්නේ ක්‍රමයෙන් ඉතා සෙමින් සෙමින් ජලය ශරීරයට ලබාදීම. ඒත් වත්තට ඇඳගෙන ඉන්න තද ඇඳුම් ඉවත් කිරීම කළ යුතු වෙනවා. ජලය හොඳ තෝරා ගැනීමක්. නමුත් අධික තාපය නිසා ඇති වූ තත්ත්වයෙන් දහඩිය ගැලීම අධික වීම නිසා සිරැරට අවශ්‍ය ලවණ කොටස්වල හිඟවීමට ජලය පමණක් ප්‍රමාණවත් නැහැ. එම නිසා ජීවනී මිශ්‍රකළ ජලය හෝ ක්‍රීඩා කිරීමේ දී භාවිත කරන බීම වර්ගයක් පානය කිරීම සුදුසු වෙනවා. ඔබේ ගමන් මල්ලේ ඉදුණු කෙසෙල් තියෙනවා නම් ඛණිජ සහ ලවණ සිරැරට ලබා දෙන්න ලෙහෙසියෙන්ම පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ ඉදුණු කෙසෙල් ගෙඩියක රස බැලීම පමණයි. ලුණු ටිකක් වතුරේ දිය කරලා බොන්නත් පුළුවන්. ඔබට කරන්න තියෙන්නෙ ඉදුණු කෙසෙල් ගෙඩියක රස බැලීම පමණයි. ලුණු ටිකක් වතුරේ දිය කරලා බොන්නත් පුළුවන්.
නමුත් වැඩිපුර ගැනීම සුදුසු නැහැ. මොකද ඔබට අවශ්‍ය වෙන්නේ ශරීරයට ජලය ලබාදීම මිසක් බැහැර කිරීම නෙවෙයි. ලුණු සිරැරට අවශ්‍ය වුණාට වැඩිවීම නැවත සිරැර විජලනය වෙන්නට හේතු වෙනවා. සිරැරට ජලය ලබාදිය යුත්තේ වරකට දිය උගුරක් බැගින්. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස මුත්‍රා පිටවීම සිදු වෙනවා. එය ඔබේ වකුගඩු නිසි ලෙස ක්‍රියාකරන බව අඟවනවා. ඒ වගේම සිරැරට තවදුරටත් විජලන තත්ත්වයෙන් මිදුන බව පෙන්වනවා. සිරැරට අවශ්‍ය ප්‍රමාණයට ජලය, ඛනිජ හා ලවණ ලැබුණු බව සහතික කරනවා. මුත්‍රා පිටවීම මගින්.

තාප විෂාදයක දී ප්‍රතිකාර 
කළ හැකි තවත් ක්‍රම

• සම්පූර්ණ සිරැර සිසිල් ජලයේ ගිල්වා ගැනීම.
• වැඩිපුර අයිස් වතුර හෝ සිසිල් ජලය තිබෙනවා නම් අවදානමකට ලක්වූ අයගේ ඇඳුම් තෙත් කරන්න.
• සිරැරට දහඩිය නොදමන ලෙස පවන් ගසන්න. 
මෙවැනි සිදුවීමකට ඕනෑම තැනක දී අපට මුහුණ දෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක සන්සුන්ව, ක්ෂණිකව නිවැරදිව ක්‍රියාකිරීමයි වටින්නෙ. පෙර සූදානමටත් හරිම වැදගත්. හරියට ගෙදරක ප්‍රථමාධාර පෙට්ටියක් තියෙනව වගේ. අධික රස්නයෙන් යුතු කාලවල නිතර ජලය පානය කිරීම, ස්නානය කිරීම, සිසිල් ස්ථානවල සිටීම, සිරැර වෙහෙසෙන ක්‍රියාකාරකම් අඩුවෙන් කිරීම පෙර සූදානමට උදාහරණ කිහිපයක්. ඒ වගේම ගමනක් යනකොට අවශ්‍ය තරම් දියර වර්ග ගෙනයාම, සැහැල්ලු ඇඳුම් ඇදීම, ජීවනී පැකට් රුගෙන යාම, කූඩයක් හෝ තොප්පියක් භාවිත කිරීම ආදී නොයෙක් ක්‍රමවලින් ඔබත් ඔබේ ගමන් සගයින් නැත්නම් යහළුවන් සුරක්ෂිත කරගන්නට හැකියාව ලැබෙනවා.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.