කඳවුරට අත්‍යවශ්‍ය බැමි
- 2018-08-13 16:13:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළඟ එන කොළඹ බාලදක්ෂ කැම්පෝරියේ දී ඉදිකරන කාලීන උපකරණ සඳහා ප්‍රයෝජනවත් බැමි තුනක් මෙහි දක්වා ඇත. ඒවා නිවැරදිව යෙදීමට ඉගෙන ගැනීමෙන් කාලීන උපකරණ වඩාත් ශක්තිමත්ව ඉදිකළ හැකි වෙයි.
එමෙන්ම උදෑසන කාණ්ඩ පරීක්ෂණයේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි වෙයි.
කතුරැ බැම්ම
යෂ්ටි දෙකක් හෝ කිහිපයක් එකින් එක සම්බන්ධ කරගත යුතුය.
තෙපා බැම්ම
ලී දඬු තුනක් එකතු කර තෙපාවක් සකසන විට එතැනට යොදන්නේ තෙපා බැම්මයි. එයද ආකාර තුනකට යෙදිය හැක. රෑප සටහන නිරීක්ෂණය කිරීමෙන් පසු බැම්ම නිවැරදිව යෙදීමට උත්සාහ කළ හැක.
ක්ෂණික බැම්ම
විජය බාලදක්ෂ කඳවුර ඔබ වෙත හඳුන්වා දෙන අලුත්ම බැම්මක් ලෙස &ක්ෂණික බැම්ම*හැඳින්විය හැකිය. ක්ෂණික බැම්ම යෙදීම ඉතා පහසුය. ලී දඬු දෙකක් හෝ යෂ්ටි දෙකක් එකතුවන ස්ථානයට ක්ෂණික බැම්ම යෙදිය හැකිය.
ශක්තිමත් පුඩුවක්
සාදා ගැනීම
ක්ෂණික බැම්ම ස්ථාවර වන්නේ ඔබ විසින් සාදාගන්නා වූ පුඩුවේ ශක්තිමත් භාවය අනුවය. මෙම පුඩුවේ විෂ්කම්භය යෂ්ටියේ හෝ ලී දඬුවේ මහත අනුව තීරණය කළ යුතුය. ඉන්පසු පුඩුව නිර්මාණය කළ යුතුය. ඒ සඳහා කෘත්‍රීම පොලියස්ටර් ලණුවක් හෝ පොලිඑතලින් ලණුවක් භාවිත කළ හැකිය. රෙදි හෝ කොහු ලණු ක්ෂණකිව කැඩීයාම හේතුවෙන් ක්ෂණික බැම්ම යෙදීම සඳහා ඒවා භාවිත නොකළ යුතුය.
ක්ෂණික බැම්ම යෙදීම
ලී දඬු රෑපයේ පෙනෙන පරිදි එකින් එක මැදිවන සේ තබා ශක්තිමත් කෝටු කැබැල්ලක් ගෙන එහි මැදින් යැවිය යුතුය. කෝටුව දක්ෂිණාවර්තව කරකැවීමෙන් පුඩුව ක්‍රමයෙන් තදවෙයි. දඟ කැවීම උපරිම තලයට පැමිණි පසු අත ඇති කෝටු කැබැල්ල ලිහිල් නොවන සේ යෂ්ටිය මත තබා ගැට ගැසිය යුතුය. එසේ කරන අයුරැ රෑප සටහනේ දක්වා ඇත.
සැ:යු : අවශ්‍යතාවය මත ලී දඬු තුනක් එකට තබා බැඳිය හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments