බාලදක්ෂ ක්‍රමයට බංකුවක් හදමු
- 2018-10-19 11:34:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහන් බාලදක්ෂ කඳවුරක දී අත්හදා බැලිය හැකි මෙම ක්‍රියාකාරකම ඔබට අලුත් අත්දැකීමක් විය හැකිය. ලී දඬු සහ කොහු ලණු යොදා ගනිමින් නිර්මාණය කරන බාලදක්ෂ බංකු වෙනුවට මෙම ක්‍රමය ආදේශ කළ හැකිය. මේ සඳහා අවශ්‍ය වන්නේ ලී මෝලකින් ඉවත් කළ පිටපළු කිහිපයක් සහ අඟල් දෙකක් විෂ්කම්භය ඇති ලී දඬු කිහිපයක්ය. මෙම අභ්‍යාසයෙහි යෙදෙන බාලදක්ෂයා හට අත් කියත, නියන, මිටිය සහ අත් බුරැමය නිවැරදිව පාවිච්ච් කරන ආකාරය ද ඉගෙන ගැනීමට පුළුවන.
පළමු ක්‍රමයට බංකුව සෑදීම
රෑපයේ දැක්වෙන පරිදි ශක්තිමත් පිටපළුවක සිදුරැ හතරක් විදිය යුතුයි. එය කළ යුත්තේ අත් බුරැමයෙනි. ඉන් පසු අඟල් 18 ක් උස ලී දඬු හතරක් සිදුරැ තුළින් යැවිය යුතුය. ඒවා සිදුර තුළ මැනවින් හිර කිරීමට කූඤ්ඤ ගැසිය යුතුය. මෙය කළ යුත්තේ උදලු තලයකට හෝ පොරව තලයකට මිටක් සවිකරන ආකාරයටය. එය රෑප සටහනේ දක්වා ඇත. මේ ක්‍රමයට නිර්මාණය කරන බංකුවේ ශක්තිය කෙටි කලක දී පිරිහී යයි. එම නිසා බංකුව දිගු කලක් ප්‍රයෝජනයට ගැනීමට දෙවෙනි ක්‍රමය අනුගමනය කළ හැකිය.
දෙවැනි ක්‍රමයට බංකුව සෑදීම
මේ සඳහා ශක්තිමත් පිටපළු දෙකක් ගත යුතුය. කොන් හතර සිදුරැ කිරීම වෙනුවට පිටපළු එකින් එක යා කිරීමට කට්ට කැපිය යුතුය. ඉන්පසු ලී දඬු කිහිපයකින් සාදා ගත් සෘජු කෝණාස්‍රාකාර ආකෘතිය මත කට්ට කැපූ පිටපළු රුඳවිය යුතුය. අවශ්‍ය නම් යකඩ ඇණ හෝ ලී ඇණ කිහිපයක් ගසා පිටපළු ස්ථාවර කළ හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments