Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ කඳවුරක ඇති බාලදක්ෂ පොරවකින් දර පැළීමට අමතරව තවත් ප්‍රයෝජන රුසක් ලබාගත හැකිය. පොරව තලය අල්ලා ගන්නා ආකාරය අනුව එය පිහියක් බවට පත්කර ගත හැකිය. පොරව තලය අල්ලාගත හැකි ප්‍රධාන ආකාර හතරක් ඇත. එය මෙහි ඇති රෑප සටහනේ දැක්වෙයි.

 

අත් පොරව ක්‍රමය පොරව තලය ග්‍රහණය කිරීම. 
බාලදක්ෂ පොරවේ තලයට මිට සවි වන ස්ථානයෙන් පොරව ග්‍රහණය කළ යුතුය. එහිදී පොරව තලයේ හිස මත අතෙහි මහපට ඇඟිල්ල තබා ගනිමින් පොරව ප්‍රයෝජනයට ගැනීම &අත්පොරව ක්‍රමයට* පොරව ඇල්ලීමයි. එහිදී පොරව තලය පහතට පමණක් චලනය කළ යුතුය. බාලදක්ෂ යෂ්ටියක් සාදාගන්නා විට එහි පොත්ත ඉවත් කිරීමේ දී මේ අයුරින් බාලදක්ෂ පොරව භාවිත කළ හැකිය.
මහ පොරව ක්‍රමයට පොරව ඇල්ලීම.
මෙම ආකාරයට පොරව ග්‍රහණය කිරීමේ දී අතෙහි දබරුඟිල්ල සහ මැද ඇඟිල්ල පොරව තලය මත රෑපයේ පරිදි ස්ථානගත විය යුතුය. එසේ තැබීමෙන් පොරෝ තලය  වඩාත් සියුම්ව හැසිරවිය හැකිවෙයි. උදැල්ලක මිටක් වඩාත් සුමට ලෙස රවුම් කර නිමවා ගැනීමේ දී මෙම ක්‍රමය අනුගමනය කළ හැකිය. විශාල ප්‍රදේශයක් සූරා හැරීමට උත්සාහ නොකළ යුතුය. ඉතාම සුළු කැපුමකින්, කඩතොලු සහිත ස්ථාන සූරා දැමීමට මේ ආකාරයට පොරව තලය ග්‍රහණය කිරීමට බාලදක්ෂයින් පුහුණු විය යුතුය.
යතු කැට ක්‍රමයට පොරව ඇල්ලීම.
බාලදක්ෂ කඳවුරේ කාලීන උපකරණ සකස් කිරීමෙන් පසු ඒවාට මනා පෙනුමක් එකතු කිරීමට ඒවා සුමට කළ යුතුය. යතු කැටයකින් එම ලී දඬු යතු ගෑ හැකිනම් එය පහසුය. යතු කැටයක් නොමැති අවස්ථාවක බාලදක්ෂ පොරව යතු කැටයක් ලෙස ප්‍රයෝජනයට ගැනීමේ දී මේ ආකාරයෙන් ග්‍රහණය කළ යුතුය. එහිදී පොරවේ තලය උඩු අතට චලනය කළ යුතුය. රෑපයේ දැක්වෙන පරිදි වම් අතේ දබරුඟිල්ල සහ මැදඟිල්ලත්, දකුණු අතේ දබරුඟිල්ලත් පොරව තලය මත මැනවින් ස්ථානගත කොට පොරව චලනය කළ යුතුය.
දුනු පිහි ක්‍රමයට පොරව ඇල්ලීම.
මේ ක්‍රමයට බාලදක්ෂ පොරව ග්‍රහණය කිරීමේ දී බාලදක්ෂයාගේ අත් දෙකම ප්‍රයෝජනයට ගත යුතුය. එහිදී හුරැ අත්ලින් පොරවේ මිට ස්පර්ශ විය යුතුය. පොරව තලය පහතට චලනය කළ යුතුය. උදලු මිටක් සකස් කිරීමේ දී ඝනකමින් වැඩි පොතු ඉවත් කිරීමට දී මෙම ක්‍රමය වඩා සුදුසුයි. පොරව මැනවින් දෑතට ග්‍රහණය වීමෙන් එකවර විශාල පරාසයක පොරව තලය ගමන් කරවිය හැකිය.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.