Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වටයක් පැටලැවූ වළලු දෙකේ ගැටය
කඳවුරැ කරැවන් සැම දිනකම උදේ පින්නට තෙත් වූ පියැසි ආධාරක ලණු බුරැල් කර ඒවා නැවතත් තද කළ යුතුය. එසේ කළවිට පියස්සෙන් කූඩාරම තුළට ජලය කාන්දු වීම වැළකෙයි. මෙම කටයුත්ත වඩාත් පහසු කරවන ක්‍රමයක් වත්මන් පුරෝගාමීහු භාවිත කරති. එය හඳුන්වන්නේ කූඩාරම් ආධාරක ලණු ස්ටින්ගරයක රුඳවීම යනුවෙනි.
ස්ටින්ගරය හඳුනා ගනිමු
ස්ටින්ගරය ශක්තිමත් වානේ කම්බියකින් නිෂ්පාදනය කර ඇත. මින් පෙර කිහිප අවස්ථාවක දී විජය බාලදක්ෂ කඳවුරින් ඔබට නව පුරෝගාමී උපකරණ හඳුන්වා දෙන ලදී. ස්ටින්ගරය ද එවැන්නකි. දිගටි කවාකාර හැඩැති ස්ටින්ගරයේ කොටස් මෙහි දක්වා ඇති අයුරින් නම් කළ හැකිය.

• කැරබයිනරය - Carabiner
• ඇන්ටනාව - Antenna
• දුන්නක් සහිත ගේට්ටුව - Spring Gate
• කොක්ක - Stinger
• ඇස - Eye

ස්ටින්ගරය ප්‍රයෝජනයට ගැනීම
ස්ටින්ගරයේ කැරබයිනරය සහිත කොටස කූඩාරමේ පියස්සේ පුඩු හෝ මුදු තුළින් රිංගවා දුන්නක් සහිත ගේට්ටුවට අගුලු දැමිය යුතුය. ඉන් අනතුරැව ආධාරක ලණුවේ එක් ක්‍රියාකාරී අන්තයක් ස්ටින්ගරයේ ඇස තුළින් යවා එම ස්ථානයට සරල ගැටයක් යෙදිය යුතුය. ඒ සඳහා රැවල් ගැටය වඩාත් සුදුසුය.

කූඩාරමේ ඇති ලණු පොටවල් පොළොවේ ගිල්වූ කූඤ්ඤයකට ඇද බැඳ දමයි. ඒ සඳහා බාලදක්ෂයින් විසින්  ප්‍රයෝජනයට ගනු ලබන්නේ මෙහි දැක්වෙන වටයක් පැටලැවූ වළලු දෙකේ ගැටයයි. ආධාරක ලණුවේ එක් ක්‍රියාකාරී අන්තයක් පියස්සේ ගැටගසා අනෙක් අන්තය කූඤ්ඤය මත රඳවා එතැනට වටයක් පැටලැවූ වළලු දෙකේ ගැටය යොදයි. දිගින් වැඩි ආධාරක ලණුවක් වුවද නොකපා මෙම ගැටය යොදන ආකාරය බාලදක්ෂයෝ දනිති.

ස්ටින්ගරය ප්‍රයෝජනයට ගැනීම
සැ : යු :
• මෙම අභ්‍යාසය බාලදක්ෂ ඔබට අලුත් අත්දැකීමක් විය හැකිය. 
• මනා පුහුණුවක් ලබා ඉන්පසු ඔබගේ කාණ්ඩ කූඩාරම අවස්ථා කිහිපයක දී බාලදක්ෂයින් කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව ඉදි කිරීමෙන් මෙම ක්‍රියාකාරකම අත්හදා බැලිය හැකිය.
• වෙළෙඳපොළෙන් ස්ටින්ගරයක් මිලදී ගැනීමේ දී &ඇන්ටනාව* සහිත කොටස ශක්තිමත්ව ඇති දැයි විමසිලිමත් විය යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.