නැතුව බැරි මිනිහෙක් හොරණදී

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:50 - {{hitsCtrl.values.hits}}  


2017 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නාට්‍යය, හොඳම රචනය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම නළුවා ඇතුලු සම්මාන 7 ක් දිනූ රාජිත දිසානායකගේ නවතම නාට්‍යය ‘‘නැතුව බැරි මිනිහෙක්’’ ඔක්තෝබර් මස 29 වන ඉරිදා සවස 3.30 ට සහ 6.30 ට හොරණ ශී‍්‍රපාලී රඟහලේ දී ද වේදිකාගත වේ. ‘‘වීරයා මැරිලා’’, ‘‘‘සිහින හොරු අරං’’, ‘‘ආපහු හැරෙන්න බෑ’’, ‘‘බකමූණා වීදි බසියි’’, ‘‘ආදර වස්තුව’’ ඇතුළුව රසික විචාරක අවධානයට පාත‍්‍ර වූ නාට්‍ය නිර්මාණය කළ රාජිත දිසානායකගේ නවතම නාට්‍යය වන ‘‘නැතුව බැරි මිනිහෙක්’’ අහිමි වූ බලය සහ ආදරය
සොයන්නට උත්සාහ කරන පිරිසකගේ ඉරණම පාදක කොටගෙන නිර්මාණය වී ඇත. ධර්මපි‍්‍රය ඩයස්, ශ්‍යාම් ප‍්‍රනාන්දු, නදීශානි පේලිආරච්චි, බිම්සරා පේ‍්‍රමරත්න, පසන් රණවීර,අනුරාධ මල්ලවආරච්චි, නලින් ලූසේනා, චරින්ද්‍ර චන්ද්‍රසේන, කසුන් චතුරංග රංගනයෙන්දායක වන ‘‘නැතුව බැරි මිනිහෙක්’’ හී සංගීතය නිර්මාණය කපිල පූගලආරච්චි විසින් ද අංගරචනයෙන් පි‍්‍රයන්ත දිසානායක සහ ඇඳුම් නිර්මාණය සඳහා නලින් ලුසේනා සම`ග සමදරා මහබදුගේ විසින් ද දායකත්වය සපයනු ලබයි. රංගාලෝකයෙන් රංග සමරකෝන් සහ වේදිකා පරිපාලනයෙන් විජිත් නුවන් සමග නලින් ලුසේනා දායකත්වය ලබා දෙති.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...