2017 වසර කැළැඹූ සිදුවීම්

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 02:06 - {{hitsCtrl.values.hits}}  

2017 වසර කැළැඹූ සිදුවීම්

පෙරැළි පිරුණු වසරක් ලෙස 2017 අවසන් වෙයි. 2017 අවසන් වන්නේ දේශපාලනික, සමාජීය සහ ආර්ථික සිදුවීම් පමණක් නොව, විද්‍යාව සහ තාක්ෂණය අතින් ද කැපී පෙණුනු සිදුවීම් රැුසක් සිදුවුණු වසරක් ලෙසිනි. ඒ අතරින් ද ලොව කැළැඹීමට සමත් වුණු වැදගත් සිදුවීම් කිහිපයක් මෙම සටහනට ඇතුළත් වෙයි.

ජනවාරි 1 වැනිදා: නව අවුරුදු උදාවත් සමඟ තුර්කියේ ඉස්තාන්බුල් නුවර රාතී‍්‍ර සමාජ ශාලාවකට අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී 39 ක් ජීවිතක්ෂයට පත්වූහ. 

ජනවාරි 21 වැනිදා: විරෝධතා මැද ඇමෙරිකාවේ 45 වැනි ජනපති ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් දිවුරුම් දුන්නේය.

පෙබරවාරි 11 වැනිදා: ජපානය ඇතුළු අසල්වැසි රටවලට අනතුරක් වන අයුරින් උතුරු කොරියාව බැලැස්ටික මිසයිල අත්හදා බැලීම් ඇරැඹීය.

පෙබරවාරි 13 වැනිදා: කිම් ජොන් උන්ගේ අඩ සොයුරු කිම් ජොන් නාම් මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටේ දී ඝාතනය කෙරුණි.

මාර්තු 10 වැනිදා: වංචා චෝදනා මුල්කොට ගනිමින්, දකුණු කොරියා ජනපතිනී පාක් ග්වෙන් හේට ධුරය අහිමිවිය.

මාර්තු 16 වැනිදා: මුස්ලිම් රටවල් හයක වැසියන් ඇමෙරිකාවට වැළැක්වීම තහනම් කරමින් ට‍්‍රම්ප් තහනම් නියෝගයක් නිකුත් කළේය. ඇමෙරිකන් සිවිල් සංවිධාන ඊට විරෝධය දැක්වීමෙන් පසු සංශෝධන සහිතව එය යළි යළිත් ඉදිරිපත් කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය කටයුතු කළේය.

මාර්තු 29 වැනිදා: අගමැතිනී තෙරේසා මේගේ මෙහෙයමීමෙන් මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙහිලා ලිස්බල් ගිවිසුම කි‍්‍රයාවට අත්සන් තැබිණි.

මාර්තු  11 වැනිදා: ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරට නුදුරින් පිහිටි කුණු කන්දක් නායයෑමට ලක්වීමෙන් 48 ක් ජීවිතක්ෂයට පත්වූහ.

මාර්තු 17 වැනිදා: නවසීලන්තයේ ‘වානූයි’ නමැති ගංගාව එරට පුරවැසියකු සේ සලකා, ඊට පුරවැසි අයිතිවාසිකම් ලබා දීමට නවසීලන්ත පාර්ලිමේන්තුව තීරණය කළේය.

මාර්තු 20 වැනිදා: මැදපෙරදිග සහ අරාබි රටවලින් ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය බලා පැමිණෙන මගී ගුවන් යානාවල ඉලෙක්ට්‍රොනික උපාංග රැුගෙන යෑම සම්බන්ධයෙන් තහංචි පැනැවිණි.


මාර්තු 22 වැනිදා: මුස්ලිම් සම්භවයක් ඇත්තකු හත් දෙනකුට මරු කැඳවමින්, 40 දෙනකුට තුවාල සිදු කරමින්, ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් පාලම හරහා පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සහ දැරුවේය. 

මාර්තු 26 වැනිදා: හොංකොං පාලනය පළමු වරට කාන්තාවකට හිමිවිය. ඇය කැරී ලෑම් ය.

අපේ‍්‍රල් 6 වැනිදා: කැරැුලිකරුවන් විසින් අල්ලාගෙන සිටි නගරයකට සිරියානු රජයේ හමුදා, ගුවන් යානා යොදා ගනිමින් විස වායු ප‍්‍රහාරයක් එල්ල කළේය. ඇමෙරිකාව ඊට විරෝධය දක්වමින් සිරියානු රජයට අයත් ගුවන් කඳවුරකට පහර දී විනාශ කළේය.

අපේ‍්‍රල් 13 වැනිදා: ඇමෙරිකාව ලොව විශාලතම න්‍යෂ්ටික නොවනක බෝම්බ ලෙස සැළකෙන ‘ජීබීයූ43/බී එම් ඕඒබී’ යොදා ගනිමින් ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන්ගේ කඳවුරකට ප‍්‍රහාරයක් එල්ල කළේය.

අපේ‍්‍රල් 14 වැනිදා: පාකිස්තාන බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගුවැයි තලේබාන් ත‍්‍රස්තයන්ගේ වෙඩි පහරට ලක් වී, දිවි ගලවා ගැනීමට සමත් මලාලා යූසොෆ්සායි දැරියට කැනඩාවේ පුරවැසිභාවය හිමි විය.

මැයි 8 වැනිදා: 39 හැවිරිදි ඉමැනුවෙල් මැක්රොන් ප‍්‍රංශයේ ජනපති ධුරයට පත් විය.

මැයි 9 වැනිදා: සිදුහත් කුමරු උපත ලැබූ වර්තමානයේ නේපාල රාජ්‍යයට අයත් ලූම්බිණිය ද අධික ලෙස වායු ¥ෂණයට ලක් වී ඇතැයි පරිසරවේදීහු අනතුරු අඟවති.


මැයි 10 වැනිදා: දකුණු කොරියාවේ නව ජනපති වූයේ මූන් ජෝ ඉන් ය.

මැයි 13 වැනිදා: ‘රැුන්සම් වෙයාර්’ නමැති පරගණක වයිරසයෙන් ලොව රටවල් රැුසක පරිගණක පද්ධති අඩපණ විය.

මැයි 14 වැනිදා: වසර 20 කට පසු නේපාලයේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්විණි.

මැයි 19 වැනිදා: මෝටර් රථයක් පදවමින්, ටයිම් චතුරස‍්‍රරයේ පදිකයන් යට කළේය.

මැයි 20 වැනිදා: ඇමෙරිකා ජනපති ධුරයට පත්වීමෙන් පසු පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් දෙදින නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණියේය.

මැයි 21 වැනිදා: ඉරාන ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට වත්මන් ජනාධිපති හසන් රොව්හානි සමත් විය.

මැයි 21 වැනිදා: බි‍්‍රතාන්‍යයේ කේට් මිඞ්ල්ටන් කුමරියගේ නැගණිය 33 හැවිරිදි පිපා මිඞ්ල්ටන් යුග දිවියට පිවිසුණාය.
මැයි 23 වැනිදා: උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ‘මැන්චෙස්ටර් ඇරීනා’ ගෘහස්ථ රඟහලේ පැවැති ඇමෙරිකන් යොවුන් ගායිකා අරියානා ග‍්‍රාන්දේගේ සංගීත ප‍්‍රසංගයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය.

මැයි 24 වැනිදා: මැදපෙරදිග සංචාරය අවසන් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉතාලියට පැමිණි අතර, වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ද හමුවිය.
ජූනි 5 වැනිදා: ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය දක්වනවා යැයි චෝදනා කරමින්, සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යය හුදෙකලා කරමින් එරටට සම්බාධක පැනැවීය.

ජූනි 7 වැනිදා: ඉරානයේ තෙහෙරාන් අගනුවර පාර්ලිමේන්තුවට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය.

ජූනි 9 වැනිදා: බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට නොහැකි විය.

ජූනි 13 වැනිදා: බටහිර ලන්ඩනයේ මහල් නිවාස ගොඩනැගිල්ලක ගින්නක් හට ගැනීම.

ජූලි 8 වැනිදා: ජර්මනියේ පැවැත්වුණු ජී20 සමුළුවට සමගාමීව ඇමෙරිකා ජනපති ට‍්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පළමු මුහුණට මුහුණ හමුව පැවැත්විණි. 

ජූලි 15 වැනිදා: ප‍්‍රංශයේ බැස්ටීල් දින සැමැරුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඇමෙරිකා ජනපති ට‍්‍රම්ප්ය.

ජූලි 25 වැනිදා: ඉන්දියාවේ නව ජනපති ධුරයට රාම් නාත් කෝවින්ද් පත් විය.

ජූලි 30 වැනිදා: නවාස් ෂරීෆ්ගේ ඉවත්වීමෙන් පසු පාකිස්තාන අගමැති ධුරයට ෂරීෆ්ගේ සොයුරු ෂබාස් ෂරීෆ් පත් කෙරුණි.

අගෝස්තු 13 වැනිදා: උතුරු ඉන්දියාවේ රෝහලක දරුවන් 63 දෙනෙකු ඔක්සිජන් නොමැතිව මියයෑමත් සමඟ ආන්දෝලනයක් නිර්මාණය විය.

අගෝස්තු 15 වැනිදා: අලූත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් ලන්ඩන් ‘බිග්බෙන්’ ඔරලෝසුව සිවු වසරකට නිහඬ කෙරුණි.

අගෝස්තු 22 වැනිදා: ‘තලාක්’ දික්කසාද නීතිය අහෝසි කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙය ඉන්දීය කාන්තාවන් ලැබූ විශිෂ්ට ජයක් යැයි කාන්තා අයිතීන් සුරැුකීමේ සංවිධාන පෙන්වා දුන්නේය.

අගෝස්තු 28 වැනිදා: තරුණියන් දෙදෙනකු අපහරණයට ලක් කළේ යැයි චෝදනාවලට වරදකරු වූ ඉන්දීය ආගමික නායක රාම් සිංට 20 වසරක සිර දඬුවම් හිමිවිය. මෙය ඉන්දියාව කැළැඹූ සිදුවීමක් විය.

අගෝස්තු 27 වැනිදා: මියන්මාරයේ රොහින්ග්‍යා සුළුජාතික ප‍්‍රජාව මුල්කොය ගනිමින් අර්බුදය නිර්මාණය විය.

සැප්තැම්බර් 10 වැනිදා: ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාකිස්තාන ජාතික මලාලා යූසොෆ්සායි මුස්ලිම් යුවතියකට නුසුදුසු ඇඳුම් අඳිනවා යැයි සාම්ප‍්‍රදායික දැඩිමතධාරී පාකිස්තාන වැසියන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.

සැප්තැම්බර් 15 වැනිදා: නාසා කැසිනි යානය අවුරුදු 13ක් තිස්සේ කළ මෙහෙයුම් අවසන් වුණු අතර විද්‍යාඥයන් එය සෙනසුරුගේ වළලූ අතරින් සෙනසුරු වායුගෝලය මතට කඩා වැටෙන්න සැළැස්වීය.

සැප්තැම්බර් 19 වැනිදා : මධ්‍යම මෙක්සිකෝව කැළැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 369 කි.

සැප්තැම්බර් 19-20 වැනිදා: ‘ඉර්මා’, ‘මරීයා’ යන ප‍්‍රචණ්ඩ සුළි කුණාටු කැරිබියානු ¥පත් සහ ඇමෙරිකාව කැළැඹීමට සමත් විය.

සැප්තැම්බර් 25 වැනිදා: ජර්මන් චාන්සල් ධුරය සිවුවැනි වරටත් ඇන්ජෙලා මාකෙල්ට හිමිවිය.

සැප්තැම්බර් 25 වැනිදා: ඉරාකයේ කුර්දිස්තානය ඉරාකයෙන් වෙන් වීම උදෙසා ජනමත සමීක්ෂණවක් පැවැත්විය. ඊට ඉරාක රජයේ දැඩි විරෝධය එල්ල විය.

සැප්තැම්බර් 26 වැනිදා: සෞදි කාන්තාවන්ට රිය පැදැවීමට අවසර දෙමින් රාජ ආඥාවක් නිකුත් කිරීමට සෞදියේ සල්මාන් රජු කටයුතු කළේය.

සැප්තැම්බර් 27 වැනිදා: ¥ෂණ චෝදනා සම්බන්ධයෙන් තායිලන්තයේ හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා වරදකාරිය වූවාය. නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර ඇය රටින් පැන ගොස් සැගවුණාය.

ඔක්තෝබර් 2 වැනිදා: ඇමෙරිකාවේ ලාස්වේගාස් සංගීත සැණකෙළියකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී 50 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඔක්තෝබර් 9 වැනිදා: උතුරු කොරියා නායක කිසම් ජොන් උන් සිය නැගණිය කිම් ජෝ යොංග්ට බලතල පැවැරීය.

ඔක්තෝබර් 12 වැනිදා: යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් වන බව ජනපති ට‍්‍රම්ප් නිවේදනය කළේය.

ඔක්තෝබර් 14 වැනිදා: සෝමාලියාවේ මොගඩිෂු නුවර ට‍්‍රක් බෝම්බයක් පිපිරීමෙන් 512 ක් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ ගණන 316 කි.

ඔක්තෝබර් 16 වැනිදා: ඔස්ටි‍්‍රයාවේ ජනපති ධුරයට ළාබාළ නායක 31 ක් හැවිරිදි සෙබෙස්තියන් කර්ස් ට ජය හිමිවිය.

ඔක්තෝබර් 18 වැනිදා: චීන කොමියුනිස්ට් පක්ෂ මහ සමුළු පැවැත්වුණු අතර වත්මන් චීන ජනපති ෂී ජින් පින් අසහාය අතිවිශිෂ්ට නායකයකු බව ඒකමතිකව පිළි ගැණින. 

ඔක්තෝබර් 22 වැනිදා: ජපානයේ හදිසි මහ මැතිවරණයෙන් අගමැති ෂෙන්සෝ අබේට යළිත් විශිෂ්ට ජන වරමක් හිමිවිය.

ඔක්තෝබර් 26 වැනිදා: නවසීලන්තයේ නව අගමැති ලෙස කම්කරු පක්ෂ නායිකා ජැසෙන්ජා ඇර්ඩර්න් එම ධුරයේ වැඩ භාර ගත්තාය.

ඔක්තෝබර් 26 වැනිදා: ස්පාඤ්ඤ මධ්‍යම රජයේ දැඩි විරෝධය මැද, එරට කැටොලෝනියා ප‍්‍රාන්ත වැසියෝ ස්පාඤ්ඤයෙන් වෙන්වීමට ජනමත විමසුමක් පැවැත්වූහ.

ඔක්තෝබර් 27 වැනිදා: ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ නියෝජ්‍ය අගමැති බර්නබී ජොයිස්ට සිය ධුරය අහිමිවිය.

ඔක්තෝබර් 30 වැනිදා: පස් හැවිරිදි ජෝර්ජ් කුමරුටත් අයි.එස්. ත‍්‍රස්තවාදීන්ගෙන් මරණ තර්ජන එල්ල විය.

ඔක්තෝබර් 31 වැනිදා: ඇමෙරිකානුවන් හොලොවීන් දිනය සමරද්දී, මුස්ලිම් සම්භවයක් ඇති තරුණයෙක් පිකප් ට‍්‍රක් රියකින් නිව්යෝක් නුවර පා පැදි කරුවන් සහ පදිකයන් යට කළේය.

නොවැම්බර් 1 වැනිදා: මැඩගස්කරයෙන් ආරම්භ වුණු මාරක වසංගතයක් අපි‍්‍රකා රටවල පැතිරෙන්න විය.

නොවැම්බර් 5 වැනිදා: ඇමෙරිකා ජනාධිපති සිය පළමු ආසියානු සංචාරය අරඹමින් ජපානයට, දකුණු කොරියාවට, චීනයට, වියට්නාමයට සහ පිලිපීනයට පැමිණියේය.

නොවැම්බර් 6 වැනිදා: ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ කි‍්‍රස්තිියානි දේවස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 26 ක් මියගියහ. වෙඩි තැබීම කළේ ගී‍්‍රන්කාඞ් ලොතරැුයියෙන් ඇමෙරිකාවට පැමිණි උස්බෙකිස්ථාන තරුණයකු බව තහවුරු වීමත් සමඟ ගී‍්‍රන්කාඞ් ලොතරැුයිය අහෝසි කිරීමට ජනපති ට‍්‍රම්ප් නියෝග කළේය.

නොවැම්බර් 16 වැනිදා: හමුදාවේත් සිය පක්ෂයේත් විරෝධය මැද 37 වසරකට පසු ජනපති ධුරය අත්හැරීමට සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේට සිදුවිය. නව ජනපති ලෙස දිවුරුම් දුන්නේ උප ජනපති ධුරයේ සිටි එමර්සන් මුනගැග්වාය.

නොවැම්බර් 22 වැනිදා: ‘පද්මාවතී’ චිත‍්‍රපටයට විරෝධය පෑමක් ලෙස හින්දු අන්තවාදීන්, දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන අයකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පැවැසීය.

නොවැම්බර් 26 වැනිදා: බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල් විවාහ ගිවිස ගත් බව නිවේදනය කෙරුණි. 

නොවැම්බර් 26 වැනිදා: නේපාල මහ මැතිවරණය පැවැත්විණි. නේපාල සිවිල් අරගලය නිමාවීමෙන් පසු පැවැත් වූ පළමු මැතිවරණය මෙයයි. 

නොවැම්බර් 12 වැනිදා: ඉරාන ඉරාක දේශසීමාවේ හටගත් භූමි කම්පාවෙන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 1,200 ඉක්මවීය.

නොවැම්බර් 27 වැනිදා: ශුද්ධෝතම ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ මියන්මාරයේත් බංග්ලාදේශයේත් සංචාරයක නියැලූණාහ. මෙම සංචාරයේ දී එතුමන් මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළේය.

නොවැම්බර් 30 වැනිදා: යුද අපරාධකරුවකු යැයි චෝදනා ලැබූ බොස්නියා ක්‍රෝට් ජාතික සොලොබොඩාන් පර්ජැක්, ජගත් අපරාධ අධිකරණයේදී වස පානය කළේය.

දෙසැම්බර් 1 වැනිදා: නාවික හමුදා නිලධාරීන් 44 දෙනකු සමඟ අතුරුදන්වුණු සබ්මැරීනය සොයා සිදු කළ මෙහෙයුම් අවසන් කිරීමට ආජන්ටිනා නාවික හමුදාව තීරණය කළේය.

දෙසැම්බර් 4 වැනිදා: ජනතා විරෝධය මැද බලයෙන් නෙරපා දැමුණු යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ ඝාතනයට ලක් වී ඇතැයි යේමන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය කළ නිවේදනයක සඳහන් වෙයි.

දෙසැම්බර් 5 වැනිදා: කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා යැයි චෝදනා එල්ල වීමත් සමඟ 2018 ශීත ඔලිම්පික් කී‍්‍රඩා උලෙළට රුසියාවට සහභාගී විය නොහැකි බව ඔලිම්පික් කමිටුව තීන්දු කළේය.

දෙසැම්බර් 6 වැනිදා: ජෙරුසිලම ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ජනපති ට‍්‍රම්ප් කටයුතු කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ නව අර්බුදයක් නිර්මාණය විය.

දෙසැම්බර් 9 වැනිදා: අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කළ යුද්ධය අවසන් බව ඉරාක අගමැතිවරයා නිවේදනය කළේය.

දෙසැම්බර් 11 වැනිදා: ඉන්දීය කි‍්‍රකට් නායක විරාට් කෝලි සහ බොලිවුඞ් සුරූපිනී අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල උත්සවය ඉතාලියේ මිලාන් නුවර දී පැවැත්විණි.

දෙසැම්බර් 12 වැනිදා: මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඊජිප්තුවේ කයිරෝ නුවරත් තුර්කියේ ඉස්තාන්බුල් නුවරත් සංචාරයකින් පසු සිරියාවේ මෙයිනිම් හමුදා කඳවුරේ සංචාරයකට පැමිණියේය.

ලූසිත ජයමාන්න
විදෙස් පුවත් ඇසුරිනි

gallery

දින පොත