Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දියත් කළ කඩොලාන පරිසර පද්ධති නැවත වගා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් ව තිබෙන බවත්, එවැනි ව්‍යාපෘති ගණනාවක් මේ වන විට රජය ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති “ශ්‍රී ලංකා 30×30 – සොබාදහම සඳහා සංරක්ෂණය සහ ජනතාව සඳහා සෞභාග්‍යය” වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ පවතින අද්විතීය පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් දේශීය ප්‍රජාවන්ට සහාය වීමට සහ ගෝලීය සංරක්ෂණ ප්‍රයත්නයන්ට දායක වීමට ඇති හැකියාව “ශ්‍රී ලංකා 30×30” වැඩසටහන මගින් පෙන්නුම් කෙරෙන බව සඳහන් කළ සාගල රත්නායක මහතා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ඉතා වැදගත් වන බව ද අවධාරණය කළේය.

තිරසර ආර්ථික සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් මෙරට අද්විතීය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය “ශ්‍රී ලංකා 30×30 (Sri Lanka 30×30)” වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දේශගුණික විපර්යාස කාර්යාලය මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන අතර වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙන්ම පරිසර ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක් ද මෙහි ව්‍යාපෘති සම්බන්ධව කටයුතු කරනු ලබයි.

2025 – 2030 කාලසීමාව අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට අධික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කර තිබෙන මෙම “ශ්‍රී ලංකා 30×30” වැඩසටහන, සංරක්ෂණය සහ සංවර්ධනය සමතුලිත කරමින් ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ තිරසර සංවර්ධනය සහ හරිත ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම පෙන්නුම් කෙරෙන වැදගත් පියවරකි.

තවද මෙම වැඩසටහන 2022 වසරේදී මොන්ට්‍රියල් හි පැවති COP15 ජෛව විවිධත්ව සමුළුවේදී ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් 195ක් විසින් සම්මත කරන ලද කුන්මිං-මොන්ට්‍රියල් (Kunming-Montreal) ගෝලීය ජෛව විවිධත්ව රාමුව (GBF) ට අනුකූල වේ.

එසේම “ශ්‍රී ලංකා 30×30” වැඩසටහනෙහි අංගයක් ලෙස, රජය විසින් ජාතික ප්‍රමුඛතා සංරක්ෂණ වැඩසටහන් 9ක් හඳුනාගෙන ඇති අතර, ඒ සෑම වැඩසටහනක්ම වැදගත් පාරිසරික අභියෝගවලට විසඳුම් සහ තිරසර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සකස් කර තිබේ.

එම සංරක්ෂණ වැඩසටහන් අතරට, තෙත් කලාපීය පරිසර පද්ධතිවල ආරක්ෂාව සහ සම්බන්ධතාව වැඩි දියුණු කිරීම, ආරක්ෂාව ඉහළ නැංවීම මඟින් වියළි කලාපයේ වනාන්තර විනාශය නතර කිරීම, විනාශ වූ වනාන්තර සහ කඩොලාන වාසස්ථාන නැවත ඇති කිරීම, සංරක්ෂණය සඳහා අරමුදල් සැපයීම සඳහා ආරක්ෂිත ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය තිරසාර ලෙස සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම; අලි මිනිස් සහජීවනය වැඩි දියුණු කිරීම, කැලණි ගංගා ද්‍රෝණියේ සිට ගංගා පද්ධතිවල යහපත් තත්ත්වය හා ඵලදායිතාව ඉහළ නැංවීම, ස්වභාවධර්මයේ සහ මිනිසුන්ගේ යහපත සඳහා සමුද්‍රීය පරිසර පද්ධති සංරක්ෂණය වැඩි දියුණු කිරීම, තිරසාර ධීවර කළමනාකරණ පිළිවෙත් ශක්තිමත් කිරීම සහ මත්ස්‍ය තොගවල තිරසාර භාවිතය සහතික කිරීම සඳහා ප්‍රධාන වාණිජ විශේෂවල පරිහානිය නැවැත්වීම මෙන්ම තල්මසුන් නිරීක්ෂකයින් සහ නැව් මගින් තල්මසුන්ට ඇති වන බාධා අවම කිරීම මගින් සමුද්‍රීය විශාල ජීවින් ආරක්ෂා කිරීම ඇතුළත් වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.