Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

න්දියාවේ ජද්වපූර් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අභිෂේක් බැනර්ජි සිසුවා, ඉවතලන ප්ලාස්ටික් යොදාගනිමින් ප්ලාස්ටික් ගඩොල් කැටයක් නිපදවා තිබේ. එය ප්ලාස්ටිකියුබ් ලෙස හැඳින්වේ. සිය සඟයන්, බටහිර බෙංගාලයේ කසළ රැස්කරන්නන් සමඟ එක්වී වතුර බෝතල් සහ ප්ලාස්ටික් මලු එක්කළ අභිෂේක් ඒවා පිරිසිදු කර, සාමාන්‍ය ගඩොල් සාදන ආකාරයට පීඩනයට ලක් කරමින් ප්ලාස්ටික් ගඩොල් කැට සාදා ඇත. ඔහු මෙය නිමවා ඇත්තේ 2017දීය.

අභිෂේක් 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. දිනක් පර්යේෂණ චාරිකාවක් සඳහා සාම්ප්‍රදායික ගඩොල් නිපදවන ස්ථානයක් වෙත ගිය අතර, එහිදී කම්කරුවන් දෑතින් මැටි අනමින් ඒවා ඔසවාගෙන යමින් විඳින හිරිහැර ඔහු දුටුවේය. ප්ලාස්ටික් යොදාගනිමින් ගඩොලක් නිපදවීමට ඔහුට සිතුණේ මේ අතරතුරදීය. එක් ප්ලාස්ටික් ගඩොලක් නිපදවීමට ඉන්දීය රුපියල් 5ක් - 6ක් අතර ප්‍රමාණයක් වැය වන බවද අභිෂේක් පවසයි.

එක් ගඩොලක කිලෝ 1.6ක ප්‍රමාණයක ප්ලාස්ටික් ඇතුළත් වේ. මෙම ගඩොල් යොදා ගොඩනැගිලි ඉදිකිරීම ගැන ඔවුන් තවමත් පරීක්ෂණ කර නොමැති නමුත්, දීර්ඝ කාලීනව ප්ලාස්ටික් ගඩොල් භාවිත කළ හැකිදැයි තවදුරටත් ගවේෂණය කරමින් පවතී. අභිෂේක් විශ්වාස කරන්නේ, මෙම ගඩොල් මැටි ගඩොල්වලට වඩා කාලයක් භාවිත කළ හැකි බවයි.  අභිෂේක්ගේ මෙම ප්ලාස්ටික් ගඩොලට 2018දී ඇමෙරිකාවේ පරිසරය හා සම්බන්ධව පැවති තරුණ පර්යේෂකයන්ගේ තරගයකදී සම්මාන ලැබී ඇත. ඉන්දියාව දිනකට ප්ලාස්ටික් ටොන් 25,000කට අධික ප්‍රමාණයක් කසළ ලෙස බැහැර කරන බව වාර්තා වේ. ඉන් 40%ක් රැස්නොකර පරිසරයේම පවතී. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ලෝකයේ දියුණුවට යොදාගන්නේ කෙසේදැයි සිතා නව නිපැයුම් කරන්නැයි අභිෂේක් තරුණ පර්යේෂකයන්ට පවසයි.

 

(සී එන්එන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.